April 4, 2024

The In Between (2022) චිත්‍රපටිය ආරම්භ වන්නේම භයානක රිය අනතුරක දර්ශණයකින්.

එයට මුහුණ දෙන ටෙසා අවදිවන්නේ රෝහලකදී.

අනතුරින් ඇයගේ පෙම්වතා මියගිහින්. ටෙසාට ඉදිරියේදී දැනෙනවා, ඇයගේ පෙම්වතා, ස්කයිලර්, ඇයව සම්බන්ධ කරගන්න උත්සාහ කරන බවක්.

මේ නිසා ඇය විවිධ මාර්ග වලින් උත්සාහ කරනවා, ස්කයිලර් සමඟ නැවත සම්බන්ධ වී, අවසාන වතාවටත් සමුදෙන්න.

ටෙසාගේ මේ උත්සාහය සාර්ථක වෙයිද?

මේ අවුරුද්දේ පෙබරවාරි මුල නිකුත්කෙරුණු විද්‍යා ප්‍රබන්ධ ආදර කතාවක්. මේ දෙක එකට ගැලපෙනවාද කියලානේ හිතන්නේ.

ඒත් මේ කතාව ලස්සනට එකතු කරලා, හොඳට නිර්මාණය කරලා තියෙනවා.

මේක ඇමරිකානු සංස්කෘතියේ ආදර කතාවක් නිසා, යම් මට්ටමක සරාගී දර්ශණ ඇතුලත් වෙලා තියෙනවා. ඒ බව දැනගෙන, මේ චිත්‍රපටිය නරඹන ලෙස ඉල්ලනවා.

The In Between (2022) චිත්‍රපටිය මේ වෙනකොට IMDB රේටින් වලින් ලබාගෙන තියෙන රේටිං ප්‍රමාණය 5.9ක්.

Arie Posin කියන ඊශ්‍රායෙල් ජාතික චිත්‍රපටි අධ්‍යක්‍ෂකවරයා තමයි මේක අධ්‍යක්‍ෂණය කරන්නේ. Paramount Players විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, Paramount+ විසින් ඇමරිකාවේ බෙදාහැරුණා.

රඟපෑමෙන් එකතුවෙන ප්‍රධාන නිලිය අපිට හොඳට හුරු පුරුදු කෙනෙක්. 2010 දී තිරගතවුනු Ramona and Beezus චිත්‍රපටියේ කුඩා නිළිය, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

ඇය Joey King (ටෙසා). ඇය සමඟින් Kyle Allen (ස්කයිලර්), Celeste O’Connor (ෂැනන්), Kim Dickens (විකී) සහ John Ortiz (මෙල්) ඇතුළු පිරිසක් රඟපෑමෙන් දායක වෙනවා.

නිවාඩුව ඉන්න වෙලාවක බලන්න හොඳ සරාගී චිත්‍රපටියක්. කොපිරයිට් කේස් නිසා ලින්ක් දාන්න බෑ. ඉන්ටනෙට් එකෙන් හොයලා බා ගන්න. මේකට සිංහල සබ්ටයිටල් දා ගෙනම බැලුවනම් තමා හොඳම.

හැමදාම වගේ zoom.lk එකෙන් තමයි මම සබ් අරගත්තෙ. නිලූෂ හේමාල් අලහකෝන් අයියා තමයි සිංහල සබ් හදලා තියෙන්නෙ. පහලින් ලින්ක් එකට ගිහින් සිංහල සබ් එක බා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap