April 9, 2024

Living together – සහජීවනය

4
සහජීවනය

Living together එහෙමත් නැත්තම් cohabitation සංකල්පය හොරෙන් හොරෙන් අපේ සමාජයටත් අනුගත වෙමින් පැවතුනත් තවමත් අපේ සංස්කෘතියත් එක්ක ගැටෙන්න තරම් ශක්තික් මේ සංකල්පයට අපේ රටේ නැහැ. නමුත් බොහෝමයක් බටහිර රටවල් වලට නම් මෙය බොහොම සාමාන්‍ය දෙයක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට, සමාජයෙන් සමාජයට අනුව වාසි අවාසි දෙකම එක ලෙස ගෙනෙන living together සංකල්පය පිළිබදවයි මේ කතිකාවත.

Living together හෙවත් එක්ව වාසය කිරීම යනු කාන්තාවක් හා පිරිමියෙක් ඔවුන්ගේ පොදු එකඟතාවය මත ආදරය හා බොහෝ විට ලිංගික සබඳතා ද සමඟින් විවාහ නොවී එකට ජීවත් වීමයි.

එක්ව ජීවත් වීමට පෙර මුලින්ම ඔබ එසේ කරන්නේ ඇයිද යන්න අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ආදරය, ලිංගිකත්වය, රැකවරණය, යැපීම ආදී නොයෙක් හේතු මේ අතර තියෙන්න පුළුවන්. ඊට අමතරව එක්ව ජීවත් වීමේදි ඔබ දෙදෙනාගෙ වියදම් සහ මුදල් කළමනාකරණය සිදුවිය යුත්තේ කොහොමද කියන එක ගැනත් එක වහළක් යටට ඒමට පෙර සිටම එකඟතාවයකට ඒම වැදගත්.
අපි බලමු මේ සංකල්පය සමඟ ඇති වාසි පිළිබඳව.

01. ඔබගේ ජීවන රටාව සහ පුරුදු තවකෙනෙක් සමග බෙදා ගැනීමට ඔබ අනුගත වීම.

ඔබගේ පෞද්ගලික ජීවන රටාව තවත් අයෙකු හා ජීවත් වීමට තරම් කොයි තරම් දුරට ගැලපෙනවාද යන්න ඔබටම දැනගන්න පුළුවන්. මොකද ඔබගේ පෞද්ගලික හැසිරීම සහ ජීවන රටාව විවාහ ජීවිතයක් තුලදී ඉතා පුංචි වචන හුවමාරුවක සිට දික්කසාදයක් දක්වාම හේතු වෙන්න පුළුවන්.

02. ගෙදර දොරේ වැඩ සහ වගකීම් බෙදා ගැනීම

ඔබ නීත්‍යානුකූලව විවාහ නොවුවද, මෙහිදී ගෙදර දොරේ වැඩකටයුතු බෙදීම, වැරදි ක්‍රියාමාර්ග ගැනීම සහ අයවැය කළමනාකරණය සඳහා එකට වැඩ කිරීමෙන් විශාල අත්දැකීම් සමුදායක් ලබා ගන්නවා. එය සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට බෙහෙවින් ඉවහල් වෙනවා.

03. ලිංගිකත්වයට

මෙහිදී තමාගේ ලිංගික ආසාවන් සහ අවශ්‍යතාවයන් මොනවාද යන්න හදුනාගැනීමටත් ඔබේ සහකරු ඒ සදහා කෙතරම් දුරට ගැලපෙනවාද යන්නත් ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද ඔබ දෙදෙනාගේ අවශ්‍යතාවන් එකිනෙකට හාත්පසින්ම වෙනස් නම් ඔබ සොයන සතුට එතන තියෙන්නෙ නැහැ. සාර්ථක ලිංගික සම්බන්ධතාවයක් නැතුව සාර්ථක විවාහ ජීවිතයක් ලබා ගන්න තියෙන ඉඩ ප්‍රමාණය බොහොම අඩුයි.

04. ඒ වගේම විවාහයෙන් පසු ජීවිතය කොයි වගේද යන්නත් ඒ සඳහා ඔබ කොයි තරම් දුරට සූදානම්ද යන්නත් ඔබට අවබෝධයක් ලබාගන්න පුළුවන්.

Living together වල අවාසි පිළිබදවත් අපි සාකච්ඡා කරමු. සමීක්ෂණ වලට අනුව විවාහක එහෙත් විවාහට පෙර living together ලෙස සිටි බොහෝමයක් දෙනා තම විවාහය ආරක්ෂා කර ගැනීමට දක්වන ප්‍රවණතාව අඩු බවත් ඉතා කුඩා ප්‍රශ්නයකදී වුවත් දික්කසාද වීමට ඇති ප්‍රවණතාව වැඩි බවත් අණාවරණය වී තියෙනවා.

4 thoughts on “Living together – සහජීවනය

  1. Pingback: Masturbation - හැංගි හැංගි රස හොයන ස්වයං වින්දනය - Smart Derana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap