Enola Holmes 2020

Enola Holmes 2020 ඇත්තටම ලස්සන කතාවක්. මොකද මම මේක බැලුවෙ Enola Holmes 2 (2022) බලලා ඉවර වෙලා. එතකොට හිතන්නකො පස්සෙ ආපු කතාව එච්චර රසවත් නම්, ඇයි මම පස්සෙ මේක බැලුවෙ කියලා.
මම කොහොමත් පෞද්ගලිකව රහස් පරීක්ෂක කතා වලට කැමතියි. වැඩියෙන්ම ශර්ලොක් හෝම්ස් වගේ කතා වලට.
Enola Homes කියන්නේ මේ ඊයේ පෙරේදා එලියට ආපු සිනමාපටයක් නෙමෙයි. දැනට අවුරුදු 2කට කලින් අපි නිවාස අඩස්සියේ ඉන්න කාලේ (කොරෝනා කාලෙ) එලියට ආව එකක්.
හරියටම කියනවානම් 2020 සැප්තැම්බර් 23 වෙනිදා. 2022 මේ වෙනකොටත් IMDB රේටින් වල ලොකු අගයක් තියෙනවා.
Harry Bradbeer විසින් අධ්‍යක්ෂණය කරපපු මේ කතාව, නවකතාවක් පාදක කරගෙන තමයි දිවෙන්නේ.
ප්‍රධාන චරිත වලට Millie Bobby Brown, Henry Cavill, Sam Claflin සහ Louis Partridge රගපානවා.
ප්‍රධාන චරිතය රගපාන Millie Bobby Brown කියන්නේ ගොඩාක් තරුණ (ඉපදිලා තියෙන්නේ 2004 නොවැම්බර්) හැබැයි දක්ෂතා නිසා ගොඩාක් ඇගයීමකට ලක්වෙච්ච නිළියක්. පෞද්ගලිකව මම ආසම චරිතයක්.

සිනමාපටයේ කතාව හැමෝම බලාපොරොත්තු වන විදියටම රහස් පරීක්ෂක කතාවක්. අවුරුදු 16 ලබන උපන්දිනය දවසේ උදේ නැගිටලා බලනකොට එනෝලාට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ අම්මා ගෙදර නැති බව.
ගිය දිහාවක් පිළිබඳව කිසිම සදහනක් නැති නිසා, ඇයගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා, ශර්ලොක් සහ මයික්‍රොෆ්ට් ගෙදරට පැමිනෙන්නේ අම්මාව සොයාගැනීමේ අරමුණෙන්.
කෙසේ නමුත් එනෝලා තනිවම මේ පිළිබව ක්‍රියාත්මක වෙන්නේ, මගදී හමුවෙන වංශාධිපතියෙකුගේ ජීවිතය පිළිබද ගැටලුවකටත් මැදිහත් වෙමින්.
එනෝලාගේ ඉදිරි ගමන මේ කතාව පුරාම දිවයනවා.ලස්සන කතාවක්.
නිවාඩුව ඉන්න වෙලාවක බලන්න හොඳ සුපිරි චිත්‍රපටියක්. කොපිරයිට් කේස් නිසා ලින්ක් දාන්න බෑ. ඉන්ටනෙට් එකෙන් හොයලා බා ගන්න.
මේකට සිංහල සබ්ටයිටල් දා ගෙනම බැලුවනම් තමා හොඳම.
හැමදාම වගේ zoom.lk එකෙන් තමයි මම සබ් අරගත්තෙ. නිලූෂ හේමාල් අලහකෝන් අයියා තමයි සිංහල සබ් හදලා තියෙන්නෙ. පහලින් ලින්ක් එකට ගිහින් සිංහල සබ් එක බා ගන්න.