April 5, 2024
fish oil and pregnant mother

Fish oil එහෙමත් නැත්තම් මෝර ගුලි ගැන අපි හැමෝම අහල තියෙනවා. ඒ වගේම වෛද්‍ය නිර්දේශ ඇතුව වගේම නැතුවත් බොහෝ දෙනා fish oil supplement එකක් විදිහට භාවිතයට ගන්න පුරුදු වෙලා ඉන්නවා.

මොලේ හැදෙන්න,ඇස් පේන්න සුදු වෙන්න ආදී එකී මෙකී නොකී හේතු රැසක් කියමින් ගන්න ෆිෂ් ඔයිල් ගැන ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු සියල්ල මේ ලිපිය තුලින් ඔබට…

හරි අපි මුලින්ම බලමු මොනවද මේ Fish oil කියල අපි pharmacy එකෙන් ගන්නෙ කියලා.

Fish oil නමේ සඳහන් වන ලෙසම ෆිෂ් ඔයිල් කියන්නෙ මත්ස්‍ය පටක වලින් සරලවම මාලුන්ගෙන් ලබාගන්නා, නිස්සාරණය කරගන්න තෙල්.

මේවා බොහෝ විට හුරුල්ලා, ටුනා, මැකරල් ආදි මාංශ වල තෙල් සහිත මාලුන්ගෙන් ලබා ගන්නවා.

ඒ වගේම මෝරා වැනි අක්මාවේ තෙල් තැන්පත් කරගන්නා මාලුවන්ගේ අක්මා කොඅස් වලිනුත් මෝර තෙල් ආදිය නිපදවනු ලබනවා.

Fish oil වල මොනවද තියෙන්නෙ?

Fish oil වලින් 30%ක්ම පමණ අඩංගු වන්නේ අපේ සිරුරට අත්‍යාවශ්‍ය මේද අම්ල විශේෂයක් වන Omega 3 ලෙස හදුන්වන මේද අම්ල විශේෂයයි. මීට අමතරව Fish oil විටමින් A හා D ලබා ගන්නත් හොදම ප්‍රභවයක්.

විශේෂයෙන්ම ගර්භණී හා ලඳරු අවධියේදී ඔමේගා 3 කොච්චර වැදගත් වෙනවද කියලා නිතර රූපවාහිනි නරඹන ඔබට නම් අමුතුවෙන් කිය යුතු වන්නේ නැහැ. මොකද බොහෝ ළදරු හා මාතෘ ආහාර හා අතිරේක ආහාර් වල ඔමේග 3 ඇති බව වෙළද දැන්වීම් වලින් බොහෝ විට ඉස්මතු කර පෙන්වනේ එය ඒ තරම්ම අපිට වැදගත් වෙන නිසා.

දැන් අපි බලමු

fish oil වලින් අපිට ලැබෙන ප්‍රතිලාභ

1. රුධිරය හා හෘදය සම්බන්ධ රෝග වලදී

රුධිරය හා හෘදය ආශ්‍රිත බොහෝ රෝග වලදී වෛද්‍යවරුන් Fish oil නිර්දේශ කරනවා.

ඒ වගේම මේ රෝග හැදෙන්න කලින්ම වලක්වා ගන්න නම් වැඩිපුර මාලු ආහාරයට නොගන්නා කෙනෙකුට ඇති හොදම පිලිතුර ෆිෂ් ඔයිල්.

මොකද Fish oil වලට පුළුවන්,

  • අපේ සිරුරට හිතකර කොලෙස්ටරෝල් වර්ගය වන HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්න. (හොද හා නරක කොලෙස්ටරෝල් ගැන දැනගන්ම මේ ලින්ක් එකෙන්)
  • රුධිරයේ ට්‍රයිග්ලිසර්‍යිඩ ප්‍රමාණය 15-30% පමණ අඩු කරන්න.
  • අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයගේ රුධිර පීඩනය අඩු කරන්න.
  • රුධිර මාර්ග අවහිරතා අවම කරන්න
  • හෘදයේ රිද්මයානුකූල බව පවත්වා ගැනීමට

2. මානසික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට

girl thinking and depression

සාමාන්‍යයෙන් අපේ මොළයේ බොහෝ ප්‍රමාණයක් ඔමේගා 3 මේද අම්ල වලින් සෑදී තිබෙනවා. ඒ නිසා මොළයේ ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යාමට ඔමේගා 3 බොහෝ උපකාර කරනවා.

ඒ වගේම විවිධ මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ රුධිරයේ ඔමේගා 3 මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු බව පරීක්ෂණ වලින් අනාවරණය වී තියෙනවා.

3. බර අඩු කරන්න

අධික ස්ථූලතාවය දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා ආදී බොහෝ බෝද් නොවන රෝග සඳහා තෝතැන්නක්. නමුත් ෆිෂ් ඔයිල් ආහාරයට එකතු කර ගැනීම තුලින් අධි ස්ථූලතාවය ඇති පුද්ගලයන්ට පවා මෙවැනි රෝග සඳහා ඇති අවධානම අඩු වන බව පර්‍යේෂකයන් පෙන්වා දෙනවා.

ඒ වගේම නිවරැදි ආහාර රටාවක් සහ ව්‍යායාම සමග ෆිෂ් ඔයිල් භාවිතය තුලින් සිරුරේ බර අඩු කරගැනීමටත් හැකියාවක් පවතිනවා.

4. ඇස් පේන්න

මොලේ වගේම අපේ ඇස් වල ක්‍රියාකාරිත්වයටත් ඔමේගා 3 අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම ගර්භණී අවධියේදී කුස තුල සිටින දරුවාටත් ඉපදී මුල් වසර කිහිපය ගෙවන ළදරුවන්ටත් මෙය විශේෂයි.

5. රුමටොයිඩ් ආතරයිටීස්

රුමටොයිඩ් ආතරයිටීස් වැනි ප්‍රදාහක තත්ත්වයන් සමග ඇති වන රෝගී තත්ත්වයන්ගෙන් මිදීමටත් Fish oil උපකාරී වෙනවා.

මේවාට අමතරව සම පැහැපත් වෙන්න, ඒ වගේම ඇල්කොහොලමය නොවන Fatty liver තත්ත්වයන්ටත් ෆිෂ් ඔයිල් හොද ඖෂධයක්.

තවද විශාදය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීම වලක්වන්නත් ෆිෂ් ඔයිල් වලට බලපෑමක් ඇති කරන්න පුළුවන්.

කුඩා දරුවන්ගේ අවධානය වැඩි කරන්නත් ෆිෂ් ඔයිල් හොදයි.

ඒ වගේම ගර්භණී අවධියේදි Fish oil භාවිතය මගින් ළදරුවන් හට ඇදුම හා ආසාත්මිකතාවන් අවම වන බවද තහවුරු වී තියෙනවා.

Happy family

හැබැයි ඔබට විශේෂිත සංකූලතාවන් නොමති නම් හා සාමාන්‍යයෙන් සතියකට වේල් දෙකකට පමණ මාලු ඔබේ ආහාරයට එකතු කරගන්නවා නම් ඔබට ෆිෂ් ඔයිල් වල අවශ්‍යතාවයක් එතරම් නෑ.

හැබැයි එහෙම නොවුනා කියලා වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගු කාලීනව ෆිෂ් ඔයිල් භාවිතයත් ඔබට අයහපත් ප්‍රතිඵල උදා කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap