March 2, 2024

Enola Holmes කියන්නෙකවුරුත් දන්න ෂර්ලොක් හෝල්ම්ස්ගේ සහෝදරිය. එයාට සහෝදරයෙක් හිටියා කියලාත් කතා වල තිබ්බා.

ඒත් එයාට සහෝදරියක් හිටියා කියලා අපිට අහන්න ලැබුනේ, Enola Holmes (2020) චිත්‍රපටියෙන්.

මේ ඒ චිත්‍රපටියේ දෙවෙනි කොටස Enola Holmes 2 (2022). හැබැයි, මේක කලින් එකට සම්බන්ධ එකක් නෙමෙයි. පළවෙනි කතාවේ චරිත කීපයක්ම මේකෙත් ඉන්නවා. ඒත් සිද්ධිය වෙනම එකක්.

ගිණිකූරු කම්හලක සේවය කරන බෙසී නැමැති කුඩා ගැහැණු දරුවා, රහස් පරීක්‍ෂකයෙක් හොයාගෙන එන්නේ ඇයගේ සහෝදරිය අතුරුදහන් වෙලා කියලා.

මේ සිද්ධිය බාර අරගෙන, ස‍හෝදරියව හොයන්න Enola Holmes, සූදානම් වෙනවා.. මේ සඳහා ඇයත් ගිණිකූරු හදන්න සේවිකාවක් විදියට යනවා.

රහස් පරීක්‍ෂක කතාවක් නිසා, ඊළඟට වෙන සිද්ධි චිත්‍රපටියෙන්ම දැනගන්න එක තමයි හොඳ. නැත්නම්, කුතුහලය තියෙන මේ කතාවේ උපරිම ආශ්වාදය ගන්න බැරි වේවි.

පළවෙනි චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරපු Harry Bradbeer ම තමයි මේක අධක්ෂණය කරලා තියෙන්නේ. තිර පිටපතක් ඔහුගේමයි.

සුපුරුදු පරිදිම චරිත අරගෙන තියෙන්නේ, Nancy Springer විසින් රචනා කරපු The Enola Holmes Mysteries නවකතාවෙන්. හැබැයි, මේක නවකතාවේ එන කතාවක් නම් නෙමෙයි.

Netflix ආයතනය තමයි මේකත් ලොව පුරා බෙදාහරින්නේ. රඟපෑමෙන් දායක වුනා,

Millie Bobby Brown (එනෝලා), Henry Cavill (ෂර්ලොක්), Louis Partridge (ට්වෙක්ස්බරි), Sharon Duncan-Brewster (මීරා ට්‍රෝයි) ඇතුළු පිරිසක්.

මේක නවකතාවක චරිත පදනම් කරගෙන කරපු චිත්‍රපටියක් වුනාට, මේකේ තියෙන සිද්ධිය ඇත්ත එකක්. 1888 දී සාරා චැප්මන් නැමැති කම්කරු ක්‍රියාකාරිනිය විසින්, ගිණිකූරු හදන කෙල්ලන්ට නායකත්වය දෙමින් වෘත්තීමය ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා.

මේක ඉතිහාසගත වෙන්නේ, ලෝකේ පළවෙනි කාන්තා නායකත්වයකින්, කාන්තාවන් උදෙසා දියත් කෙරුණු වෘත්තීමය ක්‍රියාමාර්ගය විදියට.

මේ කාන්තා චරිතය, අපේ චිත්‍රපටියේ අධ්‍යක්‍ෂකතුමා‍ගේ හිත් බැඳගන්න සමත් වෙලා තියෙනවා.

ඒ නිසා තමයි, ඒ සිද්ධිය අලලා, ඒ ඇතුලත සිදුවුන සිදුවීමක් විදියට, මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ.

නිවාඩුව ඉන්න වෙලාවක බලන්න හොඳ සුපිරි චිත්‍රපටියක්. කොපිරයිට් කේස් නිසා ලින්ක් දාන්න බෑ. ඉන්ටනෙට් එකෙන් හොයලා බා ගන්න. මේකට සිංහල සබ්ටයිටල් දා ගෙනම බැලුවනම් තමා හොඳම.

හැමදාම වගේ zoom.lk එකෙන් තමයි මම සබ් අරගත්තෙ. නිලූෂ හේමාල් අලහකෝන් අයියා තමයි සිංහල සබ් හදලා තියෙන්නෙ. පහලින් ලින්ක් එකට ගිහින් සිංහල සබ් එක බා ගන්න.

1 thought on “Enola Holmes 2 (2022)

Average
5 Based On 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap