April 12, 2024

වැනිලා ස්විස් රෝල්

0
වැනිලා ස්විස් රෝල්

වැනිලා ස්විස් රෝල් තරුණ බල මහලු කටත් එක ලෙස රස විදින්න පුළුවන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක්. ඉතින් අද ඒ සදහා අවශ්‍ය දේවලුත් එක්ක හදන විදිය ගැන කතා කරන්න හිතුවා. පොඩි අය එහෙමත් ස්විස් රෝල් කන්න ආස නැත්තේම නැනේ.

අවශ්‍ය දේවල් : –

කේක් එක සදහා
බිත්තර 4
පාන් පිටි 75g
සීනි 125g
වැනිලා තේ හැදි 1
බේකින් පව්ඩර් තේ හැදි 1/2
කිචන් ටවල් එකක්
බටර් අයිසින් එක සදහා
බටර් 50g
අයිසින් සීනි 150g
රෝස පාට කලරින් බින්දුවක්
කේක් තැටියට ඔයිල් පේපර් එකක්

සාදන ආකාරය : –

  1. මුලින්ම කේක් තැටියට ඔයිල් පේපර් එකක් දමා ගන්න.අවන් එක 175C ට විනාඩි 10ක් pre heat කරගන්න.( ගන්න ඕන කේක් තැටියෙ පොටෝ එකක් මම පහළ දාලා තියෙනවා.)
    පිටි ටිකට බේකින් පවුඩර් දමා හලා ගන්න.
  2. බිත්තර සුදු මද කහ මද වෙන් කරගෙන සුදු මද වලට සීනි 50g දාලා හොදට බීට් කරගන්න.
  3. කහ මද වලට ඉතුරු සීනි ටික දාලා බීට් කරගෙන එයට වැනිලාද එකතු කර බීට් කරන්න.
  4. දැන් සුදු බිත්තර මිශ්‍රණයට කහමද මිශ්‍රණය පත්තකින් හිමින් එකතු කරන්න.
  5. බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හැන්දකින් කලවම් කරගන්න.
  6. දැන් පිටි මිශ්‍රණය කලින් හදාගත් කේක් තැටියට දාන්න.
  7. දැන් මේක ප්‍රී හීට් කරපු අවන් එකට දාලා විනාඩි 15 ක් බේක් කරගන්න .
  8. බේක් උනාට පස්සේ අවන් එකෙන් එලියට අරන් කිචන් ටවල් එකක් එලලා ඒක උඩට සීනි ටිකක් දාලා කේක් එක අනිත් පැත්ත හරවා ටවල් එක උඩට දමන්න.
  9. ටිකක් වෙල නිමෙන්න තියලා රෝල් කර ගන්න.
  10. දැන් බටර් ටික , අයිසින් සීනී ටික හොදින් බීට් කරගෙන බටර් අයිසින් එක හදා ගන්න.
  11. දැන් ආයෙත් දිග ඇරලා හොදට නිමුනම බටර් අයිසින් ගාලා අයෙත් රෝල් කරලා ෆ්‍රිජ් එකට දාන්න. පැය කීපයක් ෆ්‍රිජ් එකේ තියල රස බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap