April 26, 2024

පසු අස්වනු නිසා ඩොලර් මිලියන 200ක පාඩුවක්

0
havesting
harvesting

ගොවි මහතුන් සිය වගවන් වන සතුන්ගෙන්, කෘමීන්ගෙන්, දේශගුණ හා කාලගුණ විපර්‍යසයන්ගෙන් ආරක්ශා කරගෙන හොදින් රැකබලාගෙන සරු අස්වැන්නක් නෙලා ගනියි. නමුත් ඊට පසුත් වෙලඳපොල හරහා පාරිබෝගිකයා අතට මෙම ආහාර පත්වන තුරුත් පාරිබෝගිකයා තම නිවසේදී මේවා පිලියෙල කරගෙන භාවිතාට හගන්නා තුරුත් මෙම එලවලු හා පලතුරු ඇතුලු ආහාර තවදුරටත් හානි වීම සිදු වේ.

මෙය පසු අස්වනු හානිය ලෙස සරලව අර්ඨ දක්වයි. මෙම පසු අස්වනු හානිය යටතට අස්වනු නෙලීමේ සිට ඒවා පරිබෝජනයට ගන්නා අවස්තාව වන තෙක් පසුකරන සියලුම පිටයවර වලදී සිදුවන හානි ඇතුලත් වේ.

පසු අස්වනු ක්‍රියාවලිය අතරතුරදී පළතුරු මෙට්‍රික් ටොන් 210 000 ක ප්‍රමානයක් එනම් ඩොලර් මිලියන 90ක වටිනාකමින් යුතු මුළු අස්වැන්නෙන් 30% – 40% ක ප්‍රමාණයක් හා එලවළු මෙට්‍රික් ටොන් 370 000 එනම් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 110 ක වටිනාකමින් යුත් මුලු අස්වැන්නෙන් 20% -40% ක ප්‍රමාණයක් වාර්ශිකව හානි වෙයි.

පසු අස්වනු හානිය වැඩි වීමට බලපාන එක් ප්‍රදාන හේතුවක් වනුයේ අස්වැන්න නියමිත කාලයට පෙර හෝ පසු අස්වනු නෙලා ගැනීමයි.

බෝග වර්ග වලින් අස්වනු නෙලා ගන්න නියමිත කාලය වන තෙක් ඒවායේ එලවළු පලතුරු ඇතුලු අනෙකුත් ඵල වර්ග, මල්, පලා වර්ග, ධාන්‍ය, බීජ, අල වර්ග ආදිය වගා බිමේ පැවතිය යුතුයි.

පසු අස්වනු හානි ආකාර 3ක් යටතේ වර්ග කරයි. එනම් ප්‍රමාණාත්මක වශයෙන් සිදුවන හානි, ගුණත්මක වශයෙන් සිදුවන හානි හා ආහාර අපතේ යාම ලෙසයි. සන්ඛ්‍යාත්මක වශයෙන් අස්වැන්න හානි වීම ප්‍රමාණාත්මක හානි යටතට ගැනෙයි. ගුණාත්මකව හානි වීමේදී සංඛ්‍යාත්මක ලෙස අඩුවක් සිදු නොවේ.

නමුත් පාරිබෝගිකයා බලාපොරොත්තු වන වර්ණය, රසය, බාහිර පෙනුම, සුවඳ වැනි අදාල ආහාරයට ආවේනික සමහරක් ලක්ශන නැති වී වයාමෙන් පාරිබෝගිකයා විසින් මේවා ප්‍රතික්ෂේප කරයි. එමගින් මේවා හානි වීම සිදු වේ.

ආහාර හානිවීමකදී මිනිස් පරිබෝජනයට සුදුසු තත්වයේ පැවති ආහාර පරිබෝජනයට නුසුදුසු තත්වයට පත් වේ. සමහර අවස්තාවලදී ආහාරයේ ගුණාත්මක බවට හෝ ප්‍රමාණාත්මක බවට හානියක් වී ඇති බවට හදුනාගත හැකි පැහැදිලි සලකුණක් පවතී.

උදාහරණයක් ලෙස සමහර ධාන්‍ය වර්ගවල කොටස් කැඩී ගොස් පැවතීම හෝ සිදූරු සහිත වීම දැක්විය හැකිය. මීට අමතරව නිවසේදී සිදුවන ආහාර අපතේ යාම සැලකුවහොත් මීට ප්‍රධානම හේතුව වනුයේ පාරිබෝගිකයන් ආහාර සම්බන්ධව අනුගමනය කරන අයහපත් හැසිරීම් රටාවයි.

වෙලඳපලෙන් ලබාගත් ආහාර ඒවායේ කල් ඉකුත් වීමේ දිනයන්ට පෙර පරිබෝජනය නොකර නිවසේ රඳවා තබා ගැනීම, තමන්ට අවශ්‍ය ප්‍රමානයට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම නිසා ඉතිරිය ඉවතට දැමීමට සිදි වීම වැනි හේතූන් නිසා ආහාර ඉවතලෑම භෝ විට සිදු වේ. මීට අමතරව වෙලඳපල තුල නිසි ගබඩා පහසුකම් නොමැති වීමද මීට හේතු වේ.

පසු අස්වනු හානි සහ එය සිදුවන ආකාරය පිලිබඳව දැනුවත්වීම මගින් අපට එය අවම කරගත හැකිවේ.

තව කියවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap