April 12, 2024

කුරුලෑ හිසරදය අඩු කරගමු

0
pimple on face

කුරුලෑ ආවම ලස්සනට පැහැපත්ව ඉන්න කාගේ උනත් ලස්සන මුහුණ කැත වෙනවා කියන එක හැම දෙනාම දන්න දෙයක් වගේම, අත් දැකලා තියන සත්‍යයක්.

වැඩිවියට පත්වන දරුවෙකුගේ මුහුනේ බොහෝ වෙලාවට හෝමෝන ක්‍රියා කාරීත්වයත් සමගම කුරුලෑහට ගැනීමට පටන් ගන්නවා.

කුරුලෑ කියන්නෙ ඇත්තටම වැඩිවියට පත්වීමත් සමගම මතුවන නිධන්ගත තත්වයක් කියලයි හඳුන්වන්නෙ.

හීන ආත්මාභිමානය, සමාජීය බිය, විෂාදය වැනි සැලකිය යුතු ඍණාත්මක මානසික බලපෑම් නිසා මේවා ඇති වන බවද කියවෙනවා. ශාරීරිකව නම් හානිකර නොවේ.

මෙසේ කුරුලෑහට ගැනීම විශ්වීය සංසිද්දියක් වන අතර වයස අවුරුදු 15 – 24 අතර පුද්ගලයින්ගෙන් 85% පමණ මීට මුහුන දීමට සිදු වේ.

නව යොවුන් වියේදී හට ගන්නා කුරුලෑ සාපේක්ෂව විශාල වන අතර ඒවා විශාල තුවාල ලෙසද පවතී. තරුණ වියේ දී කුඩා ගැටිති වැනි තුවාල ලෙසද ඇති වේ.

පිරිමි අයගේ කුරුලෑ හට ගැනීම වයස 25 පමන වන විට අවම වන අතර කාන්තාවකගේ නම් වයස 30 -40 හෝ ආර්තභාවය දක්වාම පැවතිය හැකිය.

කුරුලෑ ඇති වීමට හේතු මොනවාද?

මේ සඳහා හේතු කිහිපයක්ම පවතී. සමෙහි ඇති අපිච්චද පටක වල අසාමාන්‍ය කෙරටීකරණය, Propiobacterium acnes නම් බැක්ටීරියාව අධික ලෙස වර්ධනය වීම සහ ප්‍රදාහක ප්‍රතිචාර ඇතිවීම (ඉදිමීම) දැක්විය හැකිය.

ඉහත සඳහන් කල සමෙහි ඇති සෛල වල අසාමාන්‍ය කෙරටිනීකරනය නිසා සමෙහි කුඩා සිදුරු අවහිර වීම නිසා ආසාදිත සෛල හා ස්නේහ ස්‍රාවයන් එක්ව කුඩා ගැටිති හටගෙන ඒවා විශාල වීමෙන් කුරුලෑ ඇති වෙයි.

මේ කුරුලා කැඩීමෙන් හෝ මිරිකීමෙන් එහි ස්‍රාවයන් සමමත තැවරීමෙන් තවත් මේවා ව්‍යාප්ත වේ.

පරිසර හා භෞතික සාධක මත කූරුලෑ ඇති වීම

සමේ තෙත් සහිත බව නිසා මේවා හට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉහල පාරිසරික ආර්දවතාව, දහඩිය දැමීම, සම සම්පූර්ණයෙන් වැසෙන ඇඳුම් ඇදීම වගේ කාරනා දක්වන්න පුළුවන්.

සම නිතර වෙනත් පෘෂ්ඨ වල ගැටීම නිසා, ඒ කියන්නෙ සම සම්පූර්ණයෙන් වැසෙන ඇඳුම් ඇදීම.

හිස් වැසුම් වගේම නිතර නිකට මත අත් තබාගෙන සිටීම වගේ කාරනා නිසා.

දුහුවිල්ලට නිරාවනය වීමෙන් වගේම තෙල් වාෂ්ප හා රසායන ද්‍රව්‍ය වලට නිරාවරනය වීමෙන්ද මේවා හට ගන්න පුළුවන්.

කුරුලෑ ඇති වීම වලක්වගන්න මොනවද කරන්න පුළුවන්?

  • මේවා සාමාන්‍යයෙන් ස්වයංසිද්ධව පහව යනවා. ගොඩක් අය කියන දෙයක්නෙ කැලැල් ඇති වෙනවා කියන එක, හැබැයි දීර්ඝකාලීනව ප්‍රතිකාර ක්‍රම මගින් කැලැල් පාලනය කරන්න පුලුවන්.
  • සමේ සිදුරු විවුර්තව තබා ගැනීමට ප්‍රතිකාර යෙදීම මගින්ද කුරුලෑ ඇති වීම අවම කරගන්න පුළුවන්.
  • දවසට දෙවරක්වත් හොඳින් මුහුණ සේදීම හා මුහුණ වියලිව තබා ගැනීම වැදගත්.
  • සියුම් රෙදි කඩකින් මුහුන පිසීම, තෙල් නොමැති සබන් භාවිතය හා උණු ජලයෙන් මුහුන සේදීම මේ සදහා යෝග්‍යයි.
  • දුවිලි තෙල් හා රසායන ද්‍රව්‍ය වලින් මුහුන ආරක්ශා කර ගැනීම, හිස් වැසුම්, හිස් පලඳනා, මුව ආවරන පැලදීම අවම කර ගැනීමෙන්ද මේ සඳහා මනා රුකුලක් ලැබේ.
  • තෙල් සහිත සැම්පු වර්ග හා රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයෙන් වලකින්න.
  • ආර්ද්‍රතාවය වැඩි ප්‍රදේශවල ගැවසීම අවම කරන්න.
  • ආතති තත්ව වලින් මිදීමට කටයුතු කරන්න.

අවහිර වූ සිදුරු පිහිටා ඇති ස්ථාන අනූව කුරුලෑ වර්ග.

Blackhead – බ්ලැහෙඩ්

අවහිර වූ සිදුරු වාතය සමග ගැටීමෙන් අඳුරු පැහැ වී ඇත.

Whitehead – වයිට්හෙඩ්

අවහිර වූ සිදුරු වාතය සමග ගැටීමෙන් වැලකී ඇත.

Pustule/Pimple – බිබිලි

ආසාදනය වී සැරව පිරී ඇති අවහිර වූ සිදුරු.

Cyst – විසප්පු ගෙඩි

සම අභ්‍යන්තරයට පැතිර ඇති වේදනාකාරී සැරව පිරුණු ගෙඩි.

80% පුද්ගලයින්ගේ ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ කුරුලෑ තත්වය ඇති වේ.

කුරුලෑ ආසාදිත තත්ව සඳහා නිවැරදි රෝග විනිශ්චය ඇතිව පුද්ගලික ප්‍රතිකාර සැලැස්මක් අනුගමනය කල යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap