April 12, 2024
coconut water drink
පොල් වතුර ලොව විශිමිතම ස්වභාවික පානය  කියලා මම කිව්වොත් ඔබ පිළිගන්නවද???? අපේ රටේ බොහෝ දෙනෙක් කිසිම වටිනාකමක් නොදී පොල් වතුර ඉවත දැම්මත් ගුණ හදුනන පිරිස ඊට ලබා දෙන වටිනාකම ඉතාම ඉහළයි.
අපේ රටේත් ඇතැම් ආයතන වල පොල් වතුර පානයක් ලෙස නිශ්පාදනය වෙනවා. හැබැයි මේ බොහෝ දෙනෙක් ඒවා නිපදවන්නේ අපනයනය කරන්න. සාමාන්ය වෙළදපොලේ නිතර දකින්නට නොලැබුනත් විදේශිකයන් නිතර ගැවසෙන ප්රදේශ වල මෙන්ම තරු පන්තියේ හෝටල් වල පොල් වතුර වලට තියෙන්නෙ ඉතාම වදගත් ස්ථානයක්.

පොල් වතුර වල අඩංගු දේවල්

සිරැරේ අභ්යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය ඇති පොල්වතුර වල විටමින් B, C, E මෙන්ම යකඩ, කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් යන ඛනිජ වර්ගත්, ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන වැනි පෝෂක මෙනම පෝෂණ ගුණාංග වලට අමතර ප්රතිලාභ ලබා දෙන ප්රතිඔක්සිකාරක (antioxidants) ගණනාවක් අඩංගු වෙනවා.

පොල්වතුර වල ඇති රෝග දුරු කිරීමේ ගුණය.

පොල්වතුරවලින් මුහුණ සේදීමෙන් පිළිස්සුම් සුව වනවා. සමෙහි ඇති කුරුලෑ ලප කැළැල් මැකී යනවා.
වියළි බව දුරු වී සමේ වියපත් වීම පමාවී, තෙත් බව හා කාන්තිමත් බව ඇතිවෙනවා.
තරුණ පෙනුම දිගු කාලයක් රැඳෙනවා.
අනෙක් පාන වර්ග වල වගේ පොල් වල වතුර වල සීනි සාන්ද්රණය අධික නොවීම නිසාත්, ශරීරයේ තැන්පත් විය හැකි වැඩි මේද ප්රමාණයන් පාලනය කරන නිසාත් ක්රීඩාවේදී පානය කරන ශක්ති ජනක පානයන් අතර පොල් වතුර වලට ඉහළම තැනක් ලැබෙනවා.
ඔබ දිනපතා ව්යායාම කරන අයෙකු නම් ඔබ ගෙන යන වතුර බෝතලයට අමතරව පොල් වතුර බෝතලයකුත් ගත්තොත් ඔබට හොඳ ශක්තියක් ලැබෙනවා.
පොල්වතුර ගල්වා හිස සම්බාහනය කිරීමෙන් දිලීර නාශක ගුණ ඇති ලෝරික් අම්ලය ස්වාභාවික කන්ඩිෂනරයක් සේ ක්රියාත්මක වනවා. ඉන් හිසෙහි දිලීර උකුණු බිබිලි තුවාල සුව වී කෙස් වැටීම වැළකී, නිල්වන් කෙස් කළඹක් වැවෙනවා.
හදවතට හිතකර මේද අම්ල ඇති පොල්වතුර හර්දයාබාධ, හා අධි රුධිර පීඩනය පාලනය කර දීමෙන් තවත් වටිනා මෙහෙයක් ඉටුකරනවා.
ඒ වගේම රුධිරගත කොලෙස්ටරෝල් ප්රමාණය පාලනයටත්, රුධිර පීඩනය අවම කිරීමටත් පොල්වතුර වලට හැකියාවක් තියෙනවා.
රුධිර සංසරණ පද්ධතියට හිතකර සේවයක් ලබා දී කොලෙස්ටරෝල් පාලනය කරමින් රුධිර වාර්තා යහපත් තත්ත්වයට පත් කරනවා.
මුත්රා ගල් නිසා ශල්යකර්ම අවශ්යව සිටි රෝගීන් සතියකට දින කීපයක් පොල්වතුර පානය කිරීම නිසා මුත්රා ගල් කැඩී යාම්, කුඩා වීම් සිදුවී එය ශල්යකර්මයකින් තොරව බෙහෙත් දීමෙන් පමණක් සුව කළ හැකි බවටද පර්යේෂකයන් පෙන්වා දෙනවා.
එහි ඇති කුස පිරෙන ගතියෙන් අධි ආහාර පරිභෝජනයේ අවශ්යතාව නැති වී තරබාරුව දුරු කෙරෙන අතර, මත්පැන් විෂවීම් අධිමාත්ර බෙහෙත් විෂවීම්වලින් ඇතිවන අපහසුතා ද දුරු වී යනවා.
මෙහි අඩංගු මොනොලෝරින්වල ව්යාධිජනක බැක්ටීරියා වෛරස්, හර්පිස්, HINI දරුණු ප්රතිශ්යාකාරක වෛරසය, විනාශ කිරීමේ ශක්තිය පවතිනවා.
පොල්වතුරෙහි ඇති සෝඩියම් පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවත් සමඟ, මද සරුභාවය දුරුකර ලිංගික සක්රීයත්වය ඇති කිරීමට එයට හැකියි.
ඇසට හිතකර පොල්වතුර ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා වැනි රෝග ඈත් කරමින් ඇස්පෙනීම ද වර්ධනය කරනවා.
මස්පිඩු ශක්තිමත් කර කෙණ්ඩ පෙරළීම් වැනි තත්ත්වයන් වළකනවා.
පැපොල, සරම්ප, පලු දැමීම්, උෂ්ණ බිබිලිවල පොල්වතුර ගෑමෙන් සහන ඇති වෙනවා.
වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට වන හානිය වළකන්නත් මෙම ඖෂධීය පානයට හැකියි.
මළබද්ධය දුරු කිරීමට පළතුරුවලටත් එහා ගිය සේවයක් එය ඉටු කරනවා.
මානසික පීඩනය, විෂාදය, ගැස්ට්රයිටිස්, පිළිකා උදරාබාධ, පණු රෝග වැනි විවිධ රෝග මැඬලන්නට ද පොල්වතුරවලට හැකියි.
සාමාන්ය පුද්ගලයන්ට මෙනම ගර්භනී මව්වරුන්ටත් දිව්යමය පානයක් ලෙස පොල්වතුර හදුන්වන්න පුළුවන්.

ප්‍රතිශක්තිය වර්ධනය සඳහා පොල්වතුර.

coconut

පොල් වල වතුර වල ඇති වැදගත්ම ප්රයෝජනයක් ලෙස ප්රතිශක්තිය වර්ධනය හැඳින්වීමට පුළුවන්. පොල් වතුර වල සීනි ප්රමාණය ඉතා අඩු නිසාත්, සෝඩියම් ආදිය ඉතා අඩු නිසාත් පොටෑසියම් බහුල වීම කැල්සියම් සහ ක්ලෝරයිඩ් අඩංගු නිසාත් එය ශරීරයට ඉතාම ගුණදායක වෙන අතර මවට මෙන්ම දරුවාටත් එය ඉතාම හිතකරයි.
ඔබේ දිනපතා ආහාර වට්ටෝරුවට පොල් වල වතුර එක් කර ගැනීමෙන් ඔබේ මුත්රා පද්ධතිය නිරෝගී වන අතර යුරිනරි ට්රැක්ට් ඉන්ෆෙක්ෂන් හෙවත් UTI වැළඳීම මගිනුත් ආරක්ෂාව ලැබෙනවා. මෙහි විද්යාත්මක සත්ය නම් මෙමගින් මුත්රා පිරිසිදු කිරීමේ කාර්යට විශාල අත්වැලක් ලැබීමයි.
ඉතින් ඔබත් ඔබේ ශරීර අභ්යන්තර පිරිසිදු බව ගැන හිතනවා නම් පොල් වතුර වීදුරුවක් පානය කරන්න බලන්න.

ගර්භණී මව්වරුන් සඳහා පොල් වතුර

having coconut water by pregnant mother

මම කලිනුත් සඳහන් කරා වගේ වගේම පොල් වතුර ඉතා හොඳ ශක්ති ජනක පානයක් නිසා දරු ප්රසුතියේදී එය ලබා ගැනීමෙන් ප්රසුතියට අවශ්ය ශක්තිය ලබා ගැනීමට සමත් වෙනවා. ඒ වගේම ගර්භණි කාලය තුළ වෙනදාටත් වඩා ඉක්මනින් වෙහෙසකර බව දැනෙනවා නම් මෙම පානය ඉතාම හොඳයි.
ගර්භණි සමයේ උදරය ආශ්රිත රෝග, මළබද්ධය හා පපුවේ දැවිල්ල ට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. එහෙත් පොල් වතුර මගින් ආහාර ජීරණ ක්රියාවලිය ශක්තිමත් කරන අතර මළබද්ධයෙන් හා පපුවේ දැවිල්ලෙන් ආරක්ෂා කරනවා.

1 thought on “පොල් වතුර

Average
5 Based On 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap