March 22, 2024

මොකද්ද මේ සුරාන්තය???

0

සුරාන්තය

සුරාන්තය යනුවෙන හදුන්වන්නේ ලිංගිකත්වය තුලින් අප බලාපොරොත්තුවට සතුට හෙවත් තෘප්තියයි. ලිංගික එකතු වීමකදී දෙපාර්ශ්වයම සුරන්තයට පත්වීම අතිශය වැදගත් කාරණාවක් වන අතර එක් පාර්ශ්වයකට හෝවයකට හෝ තමන් බලාපොරොත්තු වන තෘප්තිය නොලැබී යාම තුළින් ඔවුන් ලිංගිකව හැසිරීම සඳහා දක්වන උනන්දුව නැතිවී යාම තුළින් ලිංගික එක්වීම සදහා මැලිකමක් දැක්විය හැකිය.

මේ හේතුවෙන් බොහෝවිට අඹුසැමියන් අතර මතභේද හා සිත් තැවුල් ඇති වෙන අතර වක්‍රාකාරව එය එය බොහෝ දෛනික කටයුතුවලට මෙන්ම රාජකාරි හා අනෙකුත් කටයුතු කෙරෙහි ද දැනුවත්ව හෝ නොදැනුවත්ව බලපානු ලබයි.

සෙක්ස් පිළිබඳව එළිපිට කතා නොකරන අපේ සමාජයේ බොහෝ විට සුරාන්තය හෙවත් sexual satisfaction spirit ට පමණක් සීමා වන්නක්. බොහෝ විට පිරිමින්ගේ ශුක්‍රාණු පිටවීමත් සමඟ (ejection) ඔවුන් සුරාන්තයට ළඟා වනවා.

එතකොට කාන්තාවන්ගේ සුරාන්තය ??

මෙහෙමයි. පිරිමින් මෙන් නොව කාන්තාවක් සුරාන්තයට (Orgasm) ලඟා විය හැකි ආකාර කිහිපයක් තියෙනවා. ඇතම් විට මෙය එම ආකාර වලින් එක් ආකාරයක් පමණක් ලෙසත් ඇතැම් විට ආකාර කිහිපයක් එකතුවක් ලෙසත් එක් කාන්තාවකගෙන් තවත් අයෙකුට වෙනස් වෙන්න පුළුවන්.

කාන්තාවක් සුරාන්තයට පත්විය හැකි ආකාර

Clitoral orgasm හෙවත් භගමණිය උත්තේජනය

ඍජුවම එක් දිශාවක් ඔස්සේ හෝ විවිධාකාරව clitoris හෙවත් භගමණිය උත්තේජනය කිරීමෙන් සුරාන්තයට පත්වීම මෙලෙස හදුන්වනවා.

බොහෝවිට මෙය පිරිමියෙකු සුරාන්තයට පත්වීමේ අවස්ථාවට බොහෝ සෙයින් සමාන වන අතර මෙහිදී භගමණියට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි වන නිසා එය ප්‍රමාණයෙන් විශාල වීමත්, ප්‍රාණවත් වීමත් සිදු වෙනවා.

එක්වරක් සුරාන්තයට පැමිණීමෙන් පසුව නැවත නැවත භගමණිය ඔස්සේ සුරාන්තයට පත්වීමට උත්සාහ කිරීමෙන් තරමක අපහසුතාවයක් දැනිය හැකියි.
මේ සඳහා සරලවම ඔබේ හෝ සහකරුගේ ඇඟිලි, අත්ල මෙන්ම කුඩා වයිබ්‍රේටරයක් උවද පාවිච්චි කරන්න පුළුවන්.

ඒවගේම මෙහිදී භගමණිය තෙත්ව පැවැතීමත් පිරිමැදීමේදී එකම දිශාවක් හෝ උඩ- පහළ දෙදිශාවටමත් පිරිමැදීම සිදු කළ හැකියි.

සුරාන්තයට පත්වීමට ආසන්න අවස්ථාවේදී වැඩි පීඩනයක් යොදා භගමණිය පිරීමැදීමෙනුත්, පිරිමැදීමේ වේගය වැඩි කිරීම මගිනුත් වඩාත් තීව්‍ර තෘප්තියක් ලබා ගන්න පුළුවන්.

Vaginal stimulation හෙවත් යෝනිය ඔස්සේ සුරාන්තය

යෝනි මාර්ගය තුලින් සුරාන්තයට පත්වීමෙන් වඩාත් තීව්‍ර සහ ගැඹුරු ආස්වාදයක් ලබා ගත හැකි බවට තොරතුරු වාර්තා වෙනවා.

තනිව සිටිනා අවස්ථාවකදී යෝනි මාර්ගය ඔස්සේ සුරාන්තයට පත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා තම ඇඟිලි හෝ sex toys භාවිතයට ගන්න පුළුවන්.

මෙහිදී යෝනි මාර්ගය බිත්ති සන්තර්පණය වීමෙන් ආස්වාදය ලැබෙන නිසා පළලින් වඩාත් වැඩි යමක් භාවිතයට ගැනිම වඩාත් සුදුසුයි.

ඒ නිසා එක් ඇගිල්ලක් වෙනුවට ඇගිලි දෙකක් හෝ කිහිපයක් එසේත් නැත්තම් තරමක් පළලින් වැඩි sex toys පාවිච්චි කරන්නත් පුළුවන්.

යෝනි මාර්ගයේ ඉදිරිපසින් පිහිටා ඇති බිත්තියේ පිහිටන “A spot” නම් ස්ථානය සන්තර්පණයෙන් වඩාත් ගැඹුරු ආස්වාදයක් ලබා ගන්න පුළුවන්.

a spot of women sexuality
A spot and G spot

මේ නිසා ඔබ යොදාගන්නා ඇගිලි හෝ sex toys හෝ සහකරුවෙකු සමඟ ලිංගිකව එකතුවෙනවා නම් එහිදී ඔහුගේ ලිගුවත් යෝනි මාර්ගයේ ඉදිරිපසි බිත්තියට වැඩි පීඩනයක් යොදමින් යෝනි මාර්ගය තුලට ඇතුල් කිරීම හා පිටතට ගැනීමත් සිදුකළ යුතුයි.

Cervical orgasm හෙවත් ගැබ්ගෙල උත්තේජනය

ගැබ්ගෙල යනු ගර්භාශයේ පහත කෙලවරයි.ඒ නිසා වඩාත් ගැඹුරටම යාමෙන් ගැබ්ගෙල ආශ්‍රිත ප්‍රදේශය උත්තේජනය කිරීම තුලින් මුළු සිරුරම එකවර සුරාන්තයට පතකෙරෙන තරම් ආස්වාදයක් අත්විදින්න පුළුවන්.

මොකද මෙහිදී ගතට දැනෙන තෘප්තිය හිසේ සිට පාදාන්තය තෙක්ම විහිදී යාමට තරම් ප්‍රභලත්වයක් ගන්නවා.

සමහර කාන්තාවන් මෙලෙසෙ සුරාන්තයට පත්වීමෙන් පසුව අනෙක් ක්‍රම වලට සාපේක්ෂව වඩා වැඩිකාලයක් තෘප්තිමත්ව සිටින අතර නැවත නැවතත් නොකඩවා සුරාන්තයට පත්වීමට ඔවුන් පෙළබෙනවා.

සැහැල්ලු මනසින් හා ප්‍රබෝධමත්ව ලිංගිකව එකතුවීම cervical orgasm හෙවත් ගැබ්ගෙල සන්තර්පණයෙන් සුරාන්තයට පත්වීමේ රහස ලෙසයි වාර්තා වෙන්නෙ. මෙහිදී ද clitoris හෙවත් භගමණිය උත්තේජනය කිරීමත්, එක්වරම ලිංගිකව එකතුවීමකට වඩා ඔබ දෙදෙනා අතර foreplay හෙවත් සංසරගයට පෙර උත්තේජනයන් ඇතිකර ගැනීමත් වැදගත් වෙනවා.

තවද වඩාත් ගැඹුරට පහසුවෙන් ලඟා වීමට Doggy style හෙවත් සුනඛ ඉරියව්ව භාවිතා කළ හැකි අතර වඩාත් මෘදු, මන්දගාමි ආරම්භයකුත්, ක්‍රමයෙන් වැඩි වන වේගයක් පවත්වාගනිමින් දෙදෙනාවටම සතුටක් ලබාදෙන අවස්තාවකට පැමිණීමෙන් පසුව එය දිගටම පවත්වගැනීමෙන් වඩාත් උසස් අන්දමේ cervical orgasm අවස්ථාවක් අත්විදින්න පුළුවන්.

Combo orgasm

Combo orgasm ලෙසින් හැදින්වෙන්නේ යෝනි මාර්ගය හා භගමණිය යන දෙකම එකවර උත්තේජනය කිරීමෙන් සුරාන්තයට පැමිණීමයි.

මේ සඳහා ඔබගේ අත් දෙකම හෝ සහකරු සමග ඔබගේ එක් අතක් හෝ ඔබගේ ඇගිලි සමග sex toy එකක් පාවිච්චියට ගන්න පුළුවන්.

එසේ නොමැති නම rabbit vibrator එකක් භාවිතයෙන් යෝනි මාර්ගය හා භගමණිය යන දෙකම එකවිට උත්තේජනය කරගන්නත් පුළුවන්.

මෙහිදී යෝනි මාර්ගය හා භගමණිය යන දෙකම එකම රිද්මයකට උත්තේජනය කරන්නත්, භගමණිය වඩාත් වැඩි වේගයකින්ද යෝනි මාර්ගය අඩු වේගයකින්ද යනාකාරයෙන් විවිධ ආකාරයන් යොදා ගන්න පුළුවන්.

සුරාන්තයට පත්වීමේදි සිදුවන කායික වෙනස්කම් මොනවද?

සුරාන්තයට පත්වීමේ ක්‍රියාවලියේදී යෝනි මාර්ගය සහ ගර්භාෂය වේගයෙන් සංකෝචනය වන අතර අපගේ මෙහෙයවීමකින් තොරවම උදරීය හා පාදවල පේශී සංකෝචනය වීමකුත් සිදු වෙන්වා.

මිට අමතරව හදවත ගැහෙන වේගය, රුධිර පීඩනය මෙන්ම හුස්ම ගැනීමේ වේගයද වැඩිවීමක් පෙන්නුම් කරනවා.

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ සුරාන්තය අතර ඇති වෙනස්කම් මොනවාද ?

කාන්තාවක් සුරාන්තයට පත් වීමෙන් පසුව සාමාන්‍යයෙන් එය තප්පර 13-51 අතර කාලයක් පවතින අතර පිරිමියෙක් සුරාන්තයට පත්වීමෙන් පසුව එය තප්පර 10-30ත් අතර කාලයක් පමණක් පවතිනවා.
සාමන්‍යෙන් පිරිමියෙක් සුරාන්තයට පත්වීමෙන් පසුව නැවත උත්තේජනය වී සුරාන්තයට පත්වීමක් සඳහායම් කාලයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා.

මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර මිනිත්තු කිහිපයක සිට දින ගනනක් වුවද සිදුවිය හැකියි. නමුත් කාන්තාවක් ක් වරක් සුරාන්තයට පත්වීමෙන් පසුව උවද නැවත නැවත උත්තේජනය තුලින් නැවත නැවතත් සුරාන්තයට පත්විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap