April 18, 2024

ගෙදර තියෙන දේවල් වලින් pedicure එකක්.

0
foot care and happy girl

Pedicure එකක් කිව්වාම ගොඩක් අය අහන කතාවක් තමායි. ” ඒ මොකක්ද ඒ?” අපි ඉතිං සුද්ද සිංහල ජාතියක් විදියට මේ වචනෙ Pedicure නුහුරු ඇති.

දන්නවා උනත් නොදන්නවා උනත් අද ඉගෙන ගන්න වචනෙ pedicure කියන්නෙ පාද සහ නියපොතු සදහා කරන්නාවූ රූපලාවණ්‍ය ප්‍රතිකාරයක්.

සුන්දර දෙපා යුගලක් අපි හැමෝටම හීනයක්. මුහුනට වගේම දෙපා වලටත් අපි වැඩි සැලකිල්ලක් දෙන්න ඕනි.

මොකද සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කෙනෙක්ගේ ආකර්ශනය ලබා ගන්න දෙපා බොහොම වැදගත් වෙනවා කියලා.

ඒ නිසා ලේසියෙන්ම ගෙදරදී pedicure එකක් කරගන්නෙ කොහොමද කියලා බලමු.

Pedicure එකට අවශ්‍ය ද්‍රවය: 

  • බේසමක්
  • නියපොතු සහ කකුල් පිරිසිදු කරගැනීමට අවශ්‍ය බුරුසු
  • මඳ රස්නය සහිත උණු වතුර
  • බේකින් පවුඩර් ස්වල්පයක් 
  • ලුණු ස්වල්පයක් 
  • ෂැම්පූ හෝ බොඩි වොෂ් ස්වල්පයක් 

මුලින්ම ඔයා නිය ආලේපන භාවිතා කරලා ඒවා ඉවත් කරගන්න.

ඊට පස්සෙ මද රස්නෙන් තියෙන වතුර බේසමට දාලා ඒකට බේකින් පවුඩර් තේ හැන්දක්, ලුණු ස්වල්පයක් වගේම ෂැම්පු හෝ බොඩි වොෂ් ටිකකුත් දාන්න.

ඊට පස්සෙ කකුල් දෙක බේසම ඇතුලට දාලා විනාඩි 5 බැගින් වගේ හොදින් මසාජ් කරන්න.

අපි මෙහෙම කරද්දි අපේ කකුල් හොඳින් පෙඟෙනවා. ඊට පස්සෙ අපිට පුළුවන් පොඩි  බ්‍රෂ් එකක්  (tooth brush එකක් උනත් කමන් නෑ) අරන් හොඳින් නියපොතු ටික පිරිසිදු කරගන්න. 

foot cleaning while pedicure

ඊට පස්සෙ ඔයා ලග foot file එකක් තියෙනවා නම් ඒකෙන් හරි එහෙම නැත්තම්  ටිකක් ලොකු යටි පතුල් මදින්න පුළුවන් brush එකක් හරි අරන් හොදින් යටිපතුල් අතුල්ලා ගන්න.

මැරුණු සම කොටස් ඉවත් වෙලා යටි පතුල් පිරිසිදු වෙන විදිහ ඔයාට ක්ෂණිකවම බලා ගන්න පුළුවන්.මේ විදිහට කකුල් දෙකම හොඳින් පිරිසිදු කරගෙන ඊට පස්සෙ හොදින් තත මාත්තු කරගන්න.

ඊට පස්සෙ ඔයාට පුළුවන් nail cutter එකක් පාවිච්චි කරලා නියපොතු කපාගන්න. ඒ වගේම නියපොතු කපලා ඉවර වෙලා නියපොතු ඇතුලේ වගේම නියපොතු වටේට තවත් මැරුණු සම තියෙනවා නම් tooth pick එකක් වගේ පාවිච්චි කරලා ඒ ටිකත් ඉවත් කරගන්න පුළුවන්.

මේ විදිහට හොඳින් කකුල් දෙකම පිරිසිදු කරගෙන ඔයා පාවිච්චි කරන body lotion  එක හොදින් ආලේප කරලා කකුල් මසාජ් කරගන්න. 

පස්සෙ ඔයාට අවශ්‍ය නම් නිය ආලේපනයක් පාවිච්චි කරලා ඔයාගේ කකුල් දෙක තවත් හැඩ කරගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap