April 16, 2024

නිරෝගී පැහැපත් සමක් සමග ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ඔබගේ ආහාර රටාව.

0

නිරෝගී පැහැපත් සමක් සඳහා ඔබ යොදා ගන්නා බොහෝ ප්‍රතිකර්ම අතරින් ඔබේ ආහාර රටාවෙ ගුනත්මතක බව පිළිබඳව බොහෝ දෙනෙක් දක්වන්නෙ ඉතා අඩු සැලකිල්ලක්. නමුත් ඔබගේ ආහාර රටාව මගින් ඔබේ සමට ඇති කරන බලපෑම ඉතා විශාලයි. බහිර ආලේපනය මගින් ඔබට ගත හැකි ප්‍රතිඵල වලට වඩා අභ්‍යන්තරයට ඔබ එකතු කරගන්නා ආහාර පාන මගින් ඔබේ සමෙ නිරෝගී පැවැත්මට ඇති කරන බලපෑම ඔබ හිතනවට වඩා ගොඩක් විශාලයි. ඒ වගේම එහි ප්‍රතිඵල දීර්ඝ කාලීනයි සහ අතුරු ආබාධ වලින් තොරයි.

ඔබගේ සමේ ස්වභාවයට , උසට සහ බරට , ඔබට දැනට ඇති පෝෂණ ඌනතාවයන් වලට සරිලන, ඔබගේ රූපලාවන්‍ය අවශ්‍යතාවයට ගැලපෙන ආහාර රටාවක ට ( Diet plan) ඔබ යොමු වනවා නම් ්‍රතිඵලය ඉතා ඉක්මන්. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පැතිය හැකිය. ( උදාහරණයක් ලෙස ළඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින, රූලාවන්‍ය කටයුතු වල නිරත නිතර යෙදෙන, රංගන හෝ නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන අයට ඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා වෛද්‍ය උපදෙස් භාවිතා කළ හැකියි.)

සරල ජීවන රටාවක දී ද අවශ්‍ය පෝෂණ පදාර්ථ නිවැරදි ආකාරයෙන් භාවිතා කරමින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. විදෙස් රටවල බොහෝමයක් භාවිතාවන්නේ අතුරු ආබාධ රහිත ක්‍රමයයි. ඔබට එකතු කර ගත හැකි ආහාර පුරුදු කිහිපයක් අද එකතු කරන්නම්.

1. ඔබගේ සම වියළී මෙන් ආරක්ෂා කර ගැනීමට ිතරම ජලය අවශ්‍යයි. දිනකට හැකිතාක් ජලය ඔබට එකතු කර ගැනීමෙන් සහ පලතුරු යුෂ එකතු කර ගැනීමෙන් වියළීමෙන් සම වළක්වාගත හැකියි. සෑම උදෑසනම මද රස්නෙන් වතුර වීදුරුවක් පානය කරන්න. එයට දෙහි යුෂ බිංදු කිහිපයක් එකතු කරගැනීම වඩා ඵලදායකයි. සෑම දිනයකම එක් පලතුරු වීදුරුවක් උදෑසන ආහාරයට එකතු කරගන්න. බර වැඩි කර ගැනීමට අවශ්‍ය නම් කෙසෙල් , අලිගැට පේර පලතුරු වීදුරුවක් එකතු කරගන්න.

2. සීනි භාවිතය ඉතා අවම කරන්න. සීනි වෙනුවට මී පැණි , කිතුල් හකුරු එකතු කරගන්න. ඔබගේ පලතුරු යුෂ වීදුරුවට සීනි වෙනුවට රට ඉදි එකතු කරගන්න.

3. හැකිතාක් පිෂ්ඨය භාවිතයෙන් ඉවත් වන්න. බත් භාවිතයේ අඩුකර ඒ වෙනුවට සලාදයක් ආහාරයට ගන්න. සලාදයට ඔලිව් තෙල් සහ තල තෙල් එකතු කරගන්න. දහවල් ආහාරයට හැකිතාක් සලාද එකතු කරගන්න. (ඔබගේ බර වැඩි කර ගැනීම සඳහා ශිෂ්ඨ ප්‍රභව වැදගත් වේ.)

4. දවසේ නියමිත වේලාවට ආහාර ගැනීම සිදු කරන්න. එ මගින් ඔබගේ එන්සයිම ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගත හැකියි.

5. පලා වර්ගයක් අනිවාර්යයෙන්ම ඔබගේ දවසට එකතු කර ගත යුතුය. පලා වර්ග කීපයක් එකතු කර මැල්ලුම සාදා ගන්න විට වැඩි ප්‍රතිඵල ලබාගත හැකියි. සතියකට වරක් මුරුංගා කොළ මැල්ලුමක් එකතු කරගන්න. මැල්ලුමට හොඳින් දෙහි යුෂ එකතු කරගන්න. එමගින් ඔබගේ ඇස් යට අදූරු පැහැය, ඇස් වල විඩාබර ස්වභාවයට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා දෙයි.5. විටමින් C බහුල ආහාර එකතු කර ගන්න. විටමින් C බහුලම ආහාරය නෙල්ලි වන අතර ඔබට එය පලතුරක් විදියට වගේම පානයක් ලෙස ද සකස් කර ගත හැකියි. පේර තවත් විටමින් C බහුල පලතුරක්.

6. ඔබ ඔබගේ ආහාර වේලට Antioxidant බහුල එළවළු පලතුරු යොදා ගැනීමෙන් සමයෙහි තරුණ පෙනුම රැක දෙන අතර නිරෝගී පැවැත්මට උපකාරී වේ. රතු සහ කහ පැහැයෙන් යුත් එළවළු පලතුරු වල මේ සංඝටකයේ බහුලයි. කැරට් , තක්කාලි, චෙරි වගේම Green tea වල ද මෙය බහුලයි. තවද ඉඟුරු, කුරුඳු, සූදූරු වලද මේව ඇති බව සොයාගෙන ඇත.

7. ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේදී ාන්‍ය වර්ග දෙකක් හෝ කිහිපයක් මිශ්‍රණයක ලෙස ආහාරයට ගන්න. කජු, රටකජු, ආමන්ඩ් ඔබ ඔබේ ආහාරයට එකතු කරගන්න. අපේ සමට අවශ්‍ය බොහෝ සංඝටක මෙයින් ඔබට ලැබේවි.

8. රාත්‍රී ආහාරය සඳහා සැහැල්ලු ආහාර වේලක් තෝරාගන්න. ජලය හෝ උණුසුම් පානයක් රාත්‍රියට ඔබ එකතු කරගන්න.

9. ඔබගේ ආහාර වේලට පලතුරු එකතු කර ගන්නා විට පලතුරු කිහිපයක් කුඩා ප්‍රමාණ වලින් එකතු කරගන්න. එයට දෙහි බිංදු කීපයක් එකතු කරගන්න. හැකිතාක් දේශීය පලතුරු ආහාරයට ගන්න.

10. steam කරලත් එළවළු ආහාරයට එකතු කරගන්න. එවිට එලවලු ඇති බව සමට අත්‍යවශ්‍ය පෝෂණ ගුණ නොඅඩුවම ලැබේවි.ඔබට පවතින ආහාරමය ගැටලු පහතින් යොමු කරන්න. නීරෝගිමත් පැහැපත් සමක් වෙනුවෙන් ඔබගේ ආහාර රටාව වෙනස් කරගන්න.

Dr. Vayani Abeysinghe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap