April 18, 2024

Lucy චිත්‍රපටය 2014 එලිදැක්වු ත්‍රාසය පිරි ප්‍රබන්ධ කතාවක්. Lucy නම් ගැහැනු ලමයෙකු, ඇයට හදිසියේ මුන ගැසුනු රිචඩ් නම් දාමරිකයෙක් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රජෙකු වෙත මත් ද්‍රව්‍ය හුවමාරුවක් සඳහා පොලඹවයි.

කතා මාලවට අනුව එහි තිබූ මත් ද්‍රව්‍ය පැකට් මිනිසුන් කිහිප දෙනෙකුගේ ශරීරයේ බහා එක් එක් රටවලට යවන්න හදන ජාවරම් කරුවන් Lucy ද එයට යොදා ගනී.

පැකට් එක කැඩී මත් ද්‍රව්‍ය ශරීරයට එක් වීමෙන් Lucy ගෙ මොලයේ ධාරිතාවය 100% ක්ම භාවිතා කරන්න හැකි වෙනවා.

ඉන් පසු කතාව නරඹා රස විඳින්න. නැත්තම් කුතුහලය අඩු වෙනවා.

චිත්‍රපටය තිර රචනය වගේම අධ්‍යක්ණනයත් Luc besson. නිෂ්පාදනය ඔහුගෙ බිරිඳ verginie besson. Luc besson කියන්නේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කරපු සහ බොහෝ දෙනෙක් දැක පුරුදු europacorp කම්පැනි එක.

මෙහි Lucy ගේ චරිතයට පන පොවන්නේ සුරූපී නිලි Scarlett Johansson සහ සුප්‍රසිද්ධ මනෝ ව්ද්‍යා මහාචාර්‍ය ලෙස රඟපාන්නේ Morgan Freeman.

බොහෝ දෙනෙක් නරඹපු සහ බොහෝ වාද විවාද වලට හසු වුන මේ සිනමා පටය එදා සිට අද දක්වා නරඹන පිරිස බොහෝමයි. මේ වනවිටත් බොහෝ දෙනෙක් නරඹල අැති.

මෙහි සමහර අවස්ථාවල එන ගැඹුරු පැහැදිලි කිරීම් වඩා හොඳින් වටහා ගැනීමට සිංහල උපසිරැසි දාගෙනම බලන්න. 

ලුසී කියන්නේ හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම බැලිය යුත්තක්. සිංහල සබ් පහලින් ගන්න.

නිවාඩුව ඉන්න වෙලාවක බලන්න හොඳ සුපිරි චිත්‍රපටියක්. කොපිරයිට් කේස් නිසා ලින්ක් දාන්න බෑ. ඉන්ටනෙට් එකෙන් හොයලා බා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap