July 20, 2024

Smart කෙල්ලන්ට කොල්ලන්ට personal hygiene tips කිහිපයක්.

0

Personal hygiene tips ගැන වැඩිය කතා නොකලට අදින්න පළදින්න, කැපී පෙන්නෙන්න අපි හැමෝම ආසයි. ඒ වෙනුවෙන් අපි බොහෝ දේ කරනවා.

හැබැයි ඒ හැමදේම අතරෙ අපිට මඟ හැරෙන්න පුළුවන් personal tips කිහිපයක් මතක් කරන්නයි මේ ලිපිය.

1. ඔබේ කනේ පිරිසිදු බව

හොඳට නාලා කියලා ලස්සනට සුවඳට ඉන්න ගොඩක් අය දන්නවා. හැබැයි මං ඇහුවොත් ඔයා අන්තිමට ඔයාගෙ කන් පිරිසිදු කරේ කවදද කියලා????

ගොඩක් අය කන කසනවා වගේ නම් cotton buds පාවිච්චි කරලා කලාදුරු ඉවත් කරනවා.

මේක බොහොම අනතුරුදායක ක්‍රියාවක්. ඒ වගේම තමයි කනේ කලාදුරු ස්වභාවිකව ඇති වන්නේ අපේ කනේ ආරක්ෂාවට.

හැබැයි ඔබේ කන් පෙත්ත ඇතුලත වගේම කන පිටුපස, කරාබු ආදිය නම් ඔබ පිරිසිදු කල යුතුමයි.

මොකද ඔබ රූපෙන් කොච්චර ලස්සන උනත් ඔබේ පිරිසිදුකම මේ දේවල් වලින් මනින්න පුළුවන් නිසා.

ඒ නිසා නෑවට පස්සෙ තෙත රෙද්දකින් කන ඇතුලත වගේම කන පිටිප්ස්සත් පිරිසිදු කරගන්න.

ඒත් එක්කම මාසෙකට වතාවක් වත් කරාබු ගලවලා චූටි brush එකකින් කරාබු දෙකත් පිරිසිදු කරගන්න. 

2. නියපොතු

නියපොතු ටික දවසකට සැරයක් වත් හොදින් brush කරන එක සාමාන්‍යයෙන් හැමෝම කරන දෙයක්. සමහරවිට නිය ආලේපන ආලේප කරලාත් ඇති.

ඒත් නියපොත්ත brush කරාටම මදි. නියපොතු වටේට මැරුණු හම කොටස් තියෙන්න පුළුවන්. මෙමගින් ඔබේ නියපොතු අවලස්සන කරනවා වගේම ආසාදන ඇතිකරන්නත් පුළුවන්.

ඒ නිසා නියපොතු brush කරනවා වගේම tooth pick එකක් වැනි දෙයක් පාවිච්චි කරලා මේ සම කොටස් ඉවත් කරන්නත් අමතක කරන්න එපා.

3. බුරිය එහෙමත් නැත්තම් පෙකෙණිය

අපිට පිරිසිදු කරගන්න මඟ ඇරෙන තවත් තැනක් තමයි අපේ පෙකෙණිය. අවලස්සන වගේම පිරිසිදු නොකිරීම නිසා ආසාදනය වීම් ඇතිවීම ද පෙකෙණිය ආශ්‍රිතව බහුලයි.

මේ නිසා නාලා ඉවර උනාම තෙත රෙදි කෑල්ලක් හෝ cotton buds පාවිච්චි කරලා ඔබේ පෙකෙණිය පිරිසිදු කරගන්න.

සාරි අදින කාන්තාවන් මේක ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න. 

4.යෝනි ප්‍රදේශය

ඔබ කාන්තාවක් නම් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යාවශ්‍ය දෙයක්. මොකද ඔබේ පුද්ගලික සෞඛ්‍ය වගේම, ඔබේ පවුල් ජීවිතය, ඔබේ සහකරුගේ ලිංගික සෞඛ්‍ය වගේම බොහෝ දේ සඳහා ඔබේ යෝනි ප්‍රදේශය ආශ්‍රිත පිරිසිදු බව බලපාන්න පුළුවන්.

නමුත් ඔබ කිසිවිටෙකත් යෝනි අභ්‍යන්තරයේ පිරිසිදු බව ගැන වඳ වෙන්න ඕනි නෑ. මොකද ඒ සදහා යානත්‍රණයක් ස්වභාවිකවම ඔබේ සිරුරේ පවතිනවා.

නමුත් යෝනියේ පිටත සම ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම වැදගත්.

මෙහිදී කිසිදු රසායනික ද්‍රව්‍යක් යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ. පිරිසිදු ජලය යොදා සේදීම ඉතාම සුදුසුයි. නමුත් ඔබට අවශ්‍යම නම් බේබි සබන් යොදාගන්න පුළුවන්.

මෙහිදී වැසිකිළි ගිය සෑම අවස්ථාවකම යෝනි ප්‍රදේශයේ ඉදිරිපස සිට ගුදය දෙසට පිරිසිදු කිරීම වැදගත්.

මොකද එමගින් සෑම විටම විශබීජ යෝනියෙන් ඉවතට තල්ලු වීමක් සිදුවෙන නිසා.

5. යටි පතුල

අපේ යටිපතුල් නිතර අපිරිසිදු වෙන ස්ථානයක්. මේ නිසා ඔබ නිවසින් පිටව ගොස් නැවත් පැමිණි පසු යටිපතුල් පිරිසිදු කර ගැනීමෙන් සුන්දර යටිපතුල් වලට හිමිකම් කියන්න පුළුවන් වෙනවා.

ඒ වගේම  රූපලාවන්‍යාගාරයකින් pedicue කරගන්න පුළුවන් නම් ඒක වටිනවා.

නමුත් ඒ සඳහා ඔබට මුදල් හා කාලය වැය කරන්න අපහසු නම් ඔබට සරලව ගෙදරදීම මේ දේවල් කරගන්න පුළුවන්.

ඒ පිළිබඳව ලගදීම ඉක්මනට කියලා දෙන්නම්.

එහෙනම් පිරිසිදුව ලස්සනය smart විදිහට පරිස්සමෙන් ඉන්න… මීලඟට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap