April 18, 2024

The Illusionist 2006 – සුපිරි මැජික්කරු

0
The Illusionist 2006

The Illusionist වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මැජික් ගැන බලන්න තියන සුපිරි සිනමා පටයක්. ඇයි මම සුපිරි කිව්වෙ? ඇත්තටම ඒක සුපිරියක් තමා. මතකනේ The Prestige චිත්‍රපටිය.

මේකත් මම 3, 4 පාරකට වඩා බැලුවා. මේක IMDB Ratings 7.5+ අගයක් තියනවා. ඒ වගේම මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Neil Burger විසින්.

තව අතකට කියනවනම් තමන්ගේ සැබෑ ප්‍රේමවන්තිය රැක ගැනීම පිනිස ක්‍රියා කරන ඉන්ද්‍රජාලික පෙම්වතෙක්.

මේ කතාවේ එන පිරිමි දරුවා කුඩා කාලයේදී, ඔහුට මුන ගැසෙනවා මහළු ඉන්ද්‍රජාලිකයෙක්.

එහිදී මහළු මිනිසා ඔහුව අතුරුදන් කරන් පෙන්වනවා. මහළු මිනිසාගේ මේ ක්‍රියාව ඔහුද කිරීමට උත්සාහ කරනවා. මේ නිසාම ඔහු සමාජයේ අමුතුම පුද්ගලයෙක් වෙනවා.

දිනක් ඔහු දකිනවා මැජික් වලට ආස කරන ගැහැනු ලමයෙක්.

යහළුකමින් පටන් ගන්න මේ කෙලිලොල් වයසේ ඉන්ද්‍රජාලිකයා කාලයත් සමග පෙම්වතුන් බවට පත් වෙනවා

මොහු ඉතා දුප්පත් පවුලක ඉපිද සිටියත් ඔහුගේ පෙම්වතිය ඉතා උසස් රදල පැලැන්තියේ.

රදල පවුලෙන් ඇති වූ විරුද්ධත්වය නිසා මොහුට ඇය හමු වීම සීමා වෙනවා. ඔහුට ගම රට හැරදා යන්න වෙනවා.

අවුරුදු කිහිපයකට පසු ඔහු මුලු රටක් මවිතයට පත් කරමින් අයිසන්හෙයිම් යන නමින් ඉන්ද්‍රජාලික ක්‍රියා සිදු කරමින් මැජික් සංදර්ශන පවත්වනවා.

දිනක් එක් සංදර්ශනයක් බැලීමට ඔටුන්න හිමි කුමාරයද සහභාගි වෙනවා. එහිදී ඔහුගේ ප්‍රේම වන්තිය ඔටුන්න හිමි කුමාරයා හා පැමින සිටින අතර ඇය ඔහු විවාහ වීමට සිටි.

එතැන් සිට කුතුහලය ඇවිස්සෙන විදියෙ සිදුවීම් එක්ක The Illusionist චිත්‍රපටය නරඹන්න. ඒක සුපිරියක්.

සිංහල සබ් පහලින් ගන්න. සබ් නැතුව බලලා වැඩක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap