April 21, 2024

රූම් යන්න කලින් මේ ගැනත් හිතන්න

1

love cupple

“රූම් එකකට ගිහින් මට නිදහසේ ඔයත් එක්ක ඉන්න ඕනි.” කොල්ලෙක් කෙල්ලෙක්ට හෝ කෙල්ලෙක් කොල්ලෙක්ට මෙහෙම කියනවනම්, එතන තියන හැංගුන අර්තය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනිද?

ආදරය සහ ලිංගිකත්වය කියන්නෙ කොහොමවත් එකිනෙකින් ඈත් කරල තියන්න පුළුවන් දේවල් දෙකක් නෙමෙයි. එකිනෙකාගේ සිතුම් පැතුම්, ගතිගුණ, පවුල් පසුබිම ආදී බොහෝ සාධක මත ආදරය සහ ලිංගිකත්වය කියන දෙක අතර තියෙන දුර එහෙමත් නැත්තම් level එක වෙනස් වුනත්, ජීව විද්‍යාතමකව උනත් අපි විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වෙන්නෙ ලිංගිකත්වය නිසා.

දැන හෝ නොදැන ඒක සියලු සත්වයන්ට පොදු කාරණාවක්. හැබැයි මිනිස්සු විදිහට, හික්මීමක් තියෙන මිනිස්සු විදිහට අපි ඒක වැළදගන්නෙ කොහොමද කියන එක තීරණය වෙනවා. හොදයි අපි බලමු.

ආදරේ කරද්දි රූම් යන්නම ඕනිද?

සරලම උත්තරේ නෑ කියන එක. ඒක අත්‍යාවශ්‍යවත් අවශ්‍ය දෙයක් වත් නෙමෙයි. ඒක එකිනෙකාගේ තෝරාගැනීම. අපේ රටේ සංස්කෘතිය අරවා මේක එක්ක බලද්දි මේක නොකල යුතු දේවල් ගොඩේ තියෙන දෙයක්. ඔයත් ඉන්නෙ මේ කොටසේ නම් මේ පෝස්ට් එක ඔබට නෙමෙයි.

රූම් යන එක වැරැද්දක්ද?

මෙහෙමයි. ඔයාලා දෙන්නටම වයස අවුරුදු 18ට වැඩී නම්, ඔයාලා commercial purpose එකකට නෙමෙයි නම් යන්නෙ ලංකාවේ නීතියේ හැටියට ඒක වරදක් නෙමෙයි.

හැබැයි ඒ කොහොම උනත් ඒ අස්සෙන් විවිද කෝණවලින් එක එක හේතු දාලා ඒක වැරැද්දක් කරවන්න පුළුවන්. (ඒ අපේ රටේ විදිහ) ඔයාලට මතක නම් මෑත කාලීනව මෙවැනි සිද්දියක් පාදක කරගෙන ටෙලි නිර්මාණයකුත් සිදුවුනා. ඒ නිසා නීතිමට වශයෙන් risk එකක් නෑ කියලා 100% අපිට කියන්න බෑ.

ඒ ඇරුනහම සමාජ සම්මතයන් අරවා මේවා තුලින් බැලුවමත් මේක හරිද වැරදිද කියන එක ඔයාගේ සමජය, ඔයාගේ පවුල් පසුබිම එක්ක වගේ තීරණය වෙන දේවල්. කොටින්ම ඒක ඔබ ගත යුතු තීරණයක්.

romantic candle night love

අයියා කැමති නිසා වත්, නැත්තම් එයා මට තියෙන ආදරේ අඩු වෙයි කියලවත්, සුදාත්තිට ආදරෙයි කියලා ඔප්පු කරන්නවත්, එහෙම කරන් නෑ නිකං ඉන්න යන්නෙ වගේ ගොං චේතනා වලින් නම් ඔයා එහෙම තීරණයක් ගත්තේ අවංකවම ඔය ගමන යන්න එපා.

මොකද අවුරුදු 18ට වැඩි උන පලියට ඔයා සිරාවටම වැඩිහිටියෙක් වෙන්නෙ නෑ. කෙලින් තීරණයක් ගන්න පුළුවන් වයසට, යමක් තේරුම් ගන්න පුළුවන් වයසකට, වෙන ඕනම දෙයක් බාරගන්න පුළුවන් විදිහට ආර්ථිකව, මානසිකව, සමාජීයව ස්තාවරයි නම් ඒ ඔක්කොටම ඔයා සූදානම් නම් විතරක් මේ ටිප්ස් ඔයාට වැදගත් වෙයි.

 

රූම් එකක් හොයාගන්නෙ කොහොමද ?

මුලින්ම කිව්වනෙ. ඔයා මේ ගමන යන්නෙ හැම අතින්ම ස්ථාවරව. ඒ නිසා රුපියල් 500 රූම් හොයාගෙන යන්න එපා. පේස්බුක් එකේ ගෲප් වල තියෙන කතා වලට අහුවෙන්න එපා.

ඔයා select කරගත්ත area එකේ accommodation දෙන තැන් search කරලා බලන්න. ඒව්ට තියෙන revies බලන්න. මොකද ඒවගේ තැනකින් ඔයාලට වෙන්න පුළුවන් කරදර අඩුයි. ආරක්ෂා වැඩී. පුලුවන්නම් කලිං reserve කරලම යන්න.

Check in time එක checkout time එක හරියටම බලාගන්න. Late checkouts දෙනවද කියලත් අහල බලන්න ඕනි නම්. සමහර තැන් වලින් ඒවට වෙනම charge කරනවා. ඒක බලන්න.

රූම් යද්දි මොනවද ගෙනියන්න ඕනි?

මුලින්ම ඔයාලගෙ ID. අනේ මගේ එක ගෙනියන්න බෑ. බොරුවක් කියමු. නෑ කියමු. අනේ බෑ කතන්දර එපා. මුලිනම කිව්වනෙ. ගැම්මට එක හිතින් යන්නෙ. අනිවාරෙන් ගොඩක් තැන් වලදි දෙන්නගෙම ID ඕනි වෙනවා.

ඊළගට කෑම. ඔයාලා රූම් එක ගනිද්දි එයාලා meals දෙනවද නැද්ද කියන එක බලන්න. මොනා උනත් කාලා බීලා ඉන්නෙපැයි. බඩගින්නෙ ඕවා කරන්න බෑ. Meals දෙන් නැත්තම් කන්න අරං යන්න. තව ඉතින් හප හපා ඉන්න snacks එහෙම අරං ගියත් වැඩි වෙන්නෙ නෑ.

ඊට අමතරව සබං, ටූත්පේස්ට් වගේ දේවල්. අර දෙන චුට්ටං සබං කෑල්ල මදි ඉතිං. තව serviette/ tissue papers වගේ දේවල් උනත් ඕනි වෙයි ඔයාලගෙ රාජකාරි වලට.

වැදගත්ම දේ ඔයාලා කලින්ම තීරණය කරන්න ඔයාලා පාවිච්චි කරන උපත් පාලන ක්‍රමගැන. නිකං ජීවිත කිහිපයක ඉරණම කාලකන්නි කරන්න ඕනි නෑනෙ. ඒ පිලිබදම හරියටම දැනුවත් වෙලා යන්න. අවශ්‍ය දේවල් හරියටම ගෙනියන්න.

ඒ උපදෙස් හරියටම අනුගමනය කරන්න. අපි ඒක කරන් නෑ. ඒ නිසා ඕනි නෑ කියලා හිතන්න එපා. මොකද intercourse එකක්/ ලිංගිකව එකතූ වීමක්මක් සිදු නොවුනත් හෝ ලිංගිකව එකතු උන අවස්ථාවේ යෝනි මාර්ගය තුලදී ශුක්‍රාණු පිටවීමක් සිදු නොවුනත් ගැබ් ගැනීමේ සම්බාවිතයක් සුළු වශයෙන් හෝ තියෙනවා.

ඒ නිසා ඒ පිළිබදව අනිවාර්‍යෙන්ම දැනුවත් වෙන්න. මිත්‍යා දේවල් පස්සෙ යන්නෙ නැතුව විද්‍යාතමකව ඒ ගැන හොයල බලන්න. ඉගෙන ගන්න. ඒක අනිවාර්‍යයි.

හරි රූම් එකකට ගියා කියමුකො. ඊට පස්සෙ?

දඩිං බිඩිං ගාලා ගිය වැඩේ කරන්න එපා. කොච්චර හදිස්සි උනත්, කොච්චර sure උනත් තව පාරක් room එකේ security එක ගැන හිතන්න. Hidden camera වගේ දේවල් කියනා බෑනේ.

පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. විශේෂයෙන්ම කණ්නාඩි, ටීවී එහෙම පරීක්ෂා කරන්න. තව tip එකක් කියන්නම්. Lights ඔක්කොම් off කරල phone එකේ camera on කරලා හැම අස්සක් මුල්ලක් නෑරම බලන්න.

මොකක් හරි සැක සහිත දෙයක් තියෙනවා නම් cameraවෙන් රතු පාටට detect වෙනවා ගොඩක් වෙලාවට. ඔයාට ටීවි රිමෝට් එකට cameraව අල්ලලා ගෙදරදීම මේක චෙක් කරලා බලන්න පුළුවන්. 🤗

රූම් යද්දි ඔයාලගෙ phone එකෙන් මේ වැඩේ නම් කරන්න එපා

මෙහෙමයි. මෙතන ඉන්නෙ ඔයාලා. ඔයාලා යන්නෙ ඔයාලගෙ කැමැත්තෙන්. එතනින් එහාට හැමදේම ඔයාලගෙ කැමැත්ත.

හැබැයි අන්තිමට පුංචි අවවාදයක් දෙන්නම්.

ඔයාලගෙ phone ඒ වෙලාවට ඈත් කරල තියන්න. ඔයාලා ඒ අවස්ථාව විදින්න. Photo ගන්න video කරන්න පුළුවන් තමයි. ඒත් ඇයි??

කවදහරි ඔයාලා දැනුවත්ව හෝ නැදැනුවත්ව ඔයාලා දෙන්නගෙ විතරක් නෙමෙයි තව ජීවිත කිහිපයකට හරි හානියක් වෙන්න පුළුවන් ඒ දේ නිසා.

ඒ නිසා ඔයාලා ජීවිතේ විදින්න. Phone ඈත් කරන්න.

රූම් ගියපු නොගියපු අය මේ ගැන කියන්න තියන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔබට ජය!

 

1 thought on “රූම් යන්න කලින් මේ ගැනත් හිතන්න

  1. සුපිරි. වෙනස්ම දෙයක්. ස්තූතියි මේ දැනුවත් කිරීමට. 😁❤️

Average
5 Based On 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap