April 18, 2024

කාන්තාවක් ගැබ් ගැනීම සිදු වන්නේ කොහොමද?

1
pregnant

ගැබ් ගැනීම පිලිබඳ විතරක් නෙමෙයි අපේ රටේ ලිංගික අධ්‍යාපනය පිලිබඳ අවබෝධය ලමයෙක් වැඩිවියට පැමිනෙද්දි හරි හැටි දෙන ක්‍රමවත් පිලිවෙලකට නෙමෙයි තියෙන්නෙ කියන එකයි මගේ මතය.

8 වසරේ සෞඛ්‍ය පොතට පමනක් සීමා වන මේ පාඩම සෑම වැඩිවියට පැමිනෙන දරුවෙකුටම හරි අවබෝධයක් නොමැතිව නිමා වන පර්ච්චේදයක්. එම නිස පාසල් අධ්‍යාපනය ලැබූ අද දරුමල්ලන් සිටින්න දෙමව්පියන් වුවද නොසිතන දෙයක්.

එහෙම අවබෝධයක් ඇති පිරිසක් ඉන්නවන්ම්, කොච්චර කරලත් ලමයි නැත්තන් දේවාල ගානේ යන අය සිටීවිද?

හරි අපි බලමු ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ කොහොමද කියලා.

ඩිම්බ කෝෂ (ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටසක්) සහ ඩිම්බ නිෂ්පාදනය.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බ කෝෂ 2ක් පවතී. ඩිම්බ නිෂ්පාදනය වෙන්නෙ මම කෝෂයන් ඇතුලතයි. එසේ නිෂ්පාදනය වන ඩිම්බ පරිනත වෙත්ම වම් හෝ දකුණු ඩිම්බ කෝෂයන්ගෙන් මාරුවෙන් මාරුවට නිදහස් වෙනවා.

vagina

මෙසේ නිදහස් වන ඩිම්බ, ඩිම්බ කෝෂයේ සිට පැලෝපීය නාලය දිගේ  ඉදිරියට එනවා. එලෙස ඩිම්බයක් පිටවන දවසකට Ovulation Day එක කියලා කියනවා. සාමාන්‍යයෙන් දින 28ක ඔසප් චක්‍රයක් (ඩේට් – මෙන්සස්) ඇති ගැහැනු කෙනෙකුට අදාල මාසයේ ඔසප් වීම පටන් ගත් දින සිට දින 14 ගියාම තමා මේ Ovulation Day (Midpoint) එක එන්නේ.

ඒ වගේම පිරිමි අයගේ වෘ ශණ කෝෂ වලින් නිෂ්පාදනය කෙරෙන ශුක්‍රාණු සහ Seminal Vessicle කියන ශරීර කොටසේ නිෂ්පාදනය වෙනවා ශුක්‍ර තරලය, ඔය කියපු ශුක්‍රාණු වෘ ශන කෝෂවල ඉඳලා එන ශුක්‍රධර නාලිකා දිගේ ඇවිත් අර කියපු ශුක්‍ර තරලය හා මිශ්‍ර වෙලා පිරිමි කෙනාගේ ලිගුව හරහා ගැහැනු කෙනාගේ යෝනියට ඇතුල් වෙනවා.

penis

එසේ ඇතුළු කරන ශුක්‍රානු ගැබ් ගෙල හරහා ගිහින් ගර්භාශයට ඇතුළු වෙනවා. ගැබ් ගෙල කීයන්නෙ ගර්භාශයට ඇතුලු වෙන්න තියන පොඩි සිදුරක් කියමුකො. ඉතිං මේ සිදුර වැහිල තිබ්බොත් ශුක්‍රාණු වලට ගර්භාශයට යන්න බැරි වෙනවා.

මොකද සමහර හෝමෝන වලට පුළුවන් ගැබ්ගෙල ආශ්‍රිතව තියන ජෙල් එක වගේ පටලය වැඩි කරලා එම ප්‍රවේශ මාර්ගය වහලා දාන්න. එතකොට ගැබ් ගන්නෙ නෑ. දෙයියන්ට කියන්න නෙමෙයි එතකොට යන්න ඕනි වෛද්‍යවරයෙක් ලඟටයි.

ශුක්‍රාණු සහ ඩිම්බය සංසේචනය

ගැබ් ගෙල හරහා ඇතුළු වුන ශුක්‍රාණු මීලගට පැලෝපීය නාලය දිගේ දෙපසටම බෙදිලා යනවා. එහෙම එන ශුක්‍රාණු දවස් 05ක් විතර උනත් සජීවීව ඉන්නවා තමාගේ ආදරවන්තිය වන ඩිම්බය මුනගැහෙනකල්.

ඩිම්බය ඩිම්බ කෝෂයෙන් එලියට ආපු වෙලේ පටන් පැය 12-24 අතර කාලයක් තමයි සාමාන්‍යයෙන් සජීවීව ඉන්නේ. එයත් ඉතින් හරියට තමංගෙ පෙම්වතා ශුක්‍රාණුව එනකල් මග බලන් ඉන්නවා වගේ තමයි.

සංසේචනය

ඔහොම ඉන්න්න වෙලාවක ශුක්‍රාණුවක් මුන ගැහුනොත් ඉතිම් දෙන්නා ආදරෙන් වෙලෙනවා වගේ එකතු වෙනවා. ඒකට කියන්නෙ සංසේචන්‍ය වෙනවා කියලා. එහෙම උනාම දෙන්නා එක්කෙනෙක් වෙලා කොටස් වලට වෙන් වෙවී මිලියන ගානක් සෛල බවට පත් වෙනවා.

එහෙම වෙන ගමන් හිමින් හිමින් පැලෝපිය නාලය දිගේ ගර්භාෂයට එනවා. ඉතින් ඔය කිව්වා වගේ එක්කෙනෙක්ට එක්කෙනෙක් හම්බුනේ නැත්තන් ගැබ් ගැනීමක් වෙන්නෙ නෑ.

ගැබ් ගැනීම සඳහා කාන්තාවකගේ සරු කාලය

සරු කාලය

ඇත්තටම මේ කියන්න යන්නේ පිරිමි ලමයෙක් ගැහැනු කෙනෙකු ලග හිටියත් ගැබ්ගන්න වෙන්න පුළුවන් කාලය ගැනයි. ඒ කිව්වෙ කලින් කිව්වා වගේ ශුක්‍රාණුවකට දවස් 05 වගේ සජීවීව ඉන්න පුළුවන් නම්, ඩිම්බය පිට වෙන්න දවස් 05 කලින් ඉඳලා එයාට පුලුවන් මග බලන් ඉන්න ඩිම්බය එලියට එනකල්, එනවා බලන් ඉඳලා සංසේචනය වෙන්න.

කතාව හරි නමුත් මෙහෙමයි, දවස් 05 විතර කිසිම දෙයක් නැතුව ඉද්දි ඕනිම දේක ශක්තිය කියන එක අඩපන වෙනවා. ඒ වගේම මේ ශුක්‍රාණුත් දවස් 05 වගේ ඉද්දි එයාට ඩිම්බය ඉන්න තැනකට පිහිනා යන්න තියන ශක්තිය හීන වෙලා යනවා.

ඒ නිසා වඩාත්ම සරු කාලය කියලා සලකන්නේ ඩිම්බයක් නිෂ්පාදනය වන දවස සහ ඒ දවස දක්වා තියන කලින් දවස් දෙක. ඉතිං මේ දවස් 03 දි දෙදෙනෙක් ලිංගිකව එක්වීමකින් තමයි ගැබ් ගැනීමට වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ.

ලිංගිකත්වය

තව ඩිම්බය ඩිම්බ කෝෂ වලින් පිට වෙනවා කියලා හිතන්න පුළුවන් දවසට පස්සේ එන දවස් 02 ක වගේ කාලයත් ගැබ් ගැනීමක් සිදුවෙන්න බැරි නෑ. එතකොට ඒ දවස් 02ත් සරු කාලයට ගන්නවා.

ඉහත අපි කිව්වා Ovulation Day (midpoint) සහ එම දිනයට පෙර දින 02 සහ පසු දින 02 ඔක්කොම දින 05ක් තියනවා සරු කාලය විදියට.

උදාහරනයක්:

ගැහැනු ලමයෙක් ඉන්නවා එයාට ඔසප් (මෙන්සස්) වීම වෙනවා මාසෙ 01දා, දවස් 05 පස්සෙ ඔසප් වීම ඉවරවෙනවා. ඒ කියන්නෙ එම මාසෙ 05 වෙනිදා. එයාගෙ Ovulation Day (midpoint) එනවා ඒ මාසෙම 14 වෙනිදා. එතකොට ඔය කියන මාසෙ 12 වෙනිදා ඉඳලා 16 වෙනිදා වෙනකල් එයාගෙ සරු කාලය.

ගැබ් ගැනීම සඳහා අවශ්‍යම එන්ඩොමිට්‍රියම් ලේයරය

මේ කියන්නේ ගර්භාෂය ඇතුලත බිත්ති වල තියන ලේයරය ගැන. මේකෙ මතුපිට ලේයරය ovulation day එක ලං වෙද්දි වර්ධනය වෙනවා. මෙන්න මේ ලේයරේ තමයි සංසේචනය වෙච්ච ඩිම්බයක් ගර්භාශයට එද්දි රඳවා ගන්නේ. එසේ රැදෙන ඩිම්බය කලලයක් බවට පත්වෙනකොට ඊට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය සපයමින් වැදෑහම බවට පත් වෙනවා.

තවත් දෙයක් හරියට කලලය අධිරෝපනය නොවිමෙන්ද ගැබ් ගැනීමක් සිදු නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සංසේචිත ඩිම්බය එන්ඩොමිට්‍රියම් ලේයරේ හරියටම රැඳුනම ඒකට කියන්නෙ කලලය අධිරෝපනය කියලා. මෙතන ඉඳලා තමයි නිල වශයෙන්ම ගැබ් ගැනීම ආරම්භය කියන්නේ.

කලල අවස්තාව

මේ එන්ඩොමිට්‍රියම් ලේයර් එක ඕනිවට වඩා තුනි වුනොත් (හෝමෝන ක්‍රියාකාරීතව්‍යන් නිසා) සංසේචිත ඩිම්බයක් රඳවාගන්න බැරි වෙනවා. එතකොට ගැබ් ගැනීමක් වෙන්නෙත් නෑ.

ගැබ්ගැනීම වැලක්වන ක්‍රම 05.

  1. සරු කාලය තුල ලිංගිකව එකතු නොවීම
  2. කිසිම විටෙක ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුල්වීමට නොදීම
  3. යෝනි මාර්ගයට ශුක්‍රාණු ඇතුළු කලද ගැබ්ගෙල හරහා ශුක්‍රාණු ඇතුලූ වීම අමාරු කිරීම
  4. ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිෂ්පාදනය කිරීම වැලැක්වීම.
  5. එන්ඩොමිට්‍රියම් ලේයරයේ ඝණ බව අඩු කිරීම.

01,02 කරන්න පුළුවන් උනත් වාසනාව/අවාසනාව මත ගැබ් ගැනීම් වෙන/නොවෙන එක තීරණය වෙනවා. හැබැයි 03, 04, 05 කොහොමත් ප්‍රායෝගිකව කරන්න බෑ. ඒ සඳහා වෛද්‍යවරයෙක් හමු වෙන්න වෙනවා.

ඇත්තම කිව්වෙඔත් මේ 05 උපත් පාලන ක්‍රමවල ක්‍රියාකාරීතවයට පදනම් වූ මූලධර්මයන්. කොන්ඩම්, ලූප් සහ අනෙකුත් උපත් පාලන පෙති වර්ග වැඩකරන්නේ මේ කියපු මූලධර්මයකට.

මෙන්සස් කියලා ලේ යන්නේ ඇයි? සමහරුන්ට වේදනාව?

ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බය එලියට එන්නෙ සංසේචන්‍ය වෙන්න බලාගෙනමයි. එතකොට  ඒ සඳහා එන්ඩොමිට්‍රියම් ලේයරය එහෙම සැකසෙනවා. කිසිම විදියකින් සංසේචනයක් නොවුනොත් මේ සියල්ල ගර්භාශයෙන් ගැලවී යනවා.

එතකොට මෙන්සස් කියලා රුධිරය පමණක් නොවෙයි ඒකෙ තියනවා සංසේචන්‍ය නොවුන ඩිම්බයේ කොටස්, ගැබ් ගැනීමක් උනානම් කලලය වඩවන්න බලන් නිපදවුනු පෝෂක කොටස්, එන්ඩොමිට්‍රියම් ලේයරය සහ ඒ ආශ්‍රිත පටක.

බොහෝ දෙනෙකුට වේදනාව ගෙන දෙනනේ මෙහිදී එන්ඩොමිට්‍රියම් ලේයරය ගර්භාශයෙන් ඉරිලා යද්දි එන වේදනාවයි.

1 thought on “කාන්තාවක් ගැබ් ගැනීම සිදු වන්නේ කොහොමද?

  1. Thank you smartderana. තේරෙන සිංහලෙන් කෙටියෙන් මේ වගේ තව ඒවා කියලා දෙන්න.

Average
5 Based On 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap