කතුරු මුරුංගා වල විශ්මිත් ගුණ.

කතුරු මුරුංගා එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න වැට මුරුංගා ශාක පත්‍ර වල පෝෂණ ගුණාංග ගැන තමයි මේ කියන්න යන්නෙ…
ඉස්සර කාලේ නම් කතුරු මුරුංගා වගේම වැට මුරුංගා කොල මැල්ලුමක් අපේ ආහාර වේලක සතියට දෙතුන් පාරක් වත් අනිවාර්යයෙන් අඩංගු වෙනවා.
ඊට අමතරව පරිප්පු ආදි ව්‍යාංජන වලටත් වැට මුරුංගා කොළ කිහිපයක් එකතු කරන්නත් අපේ අම්මලා අමතක කරේ නෑ.
නමුත් අද සමාජයේ කාර්‍ය්බහුලත්වයත් එක්ක මේ දේවල් අපේ බත් පිගානෙන් ටිකක් ඈත් වෙලා. නමුත් මෙහි අඩංගු පෝෂ්‍ය ගුණය ගැන ඔබ දන්නවා නම් ඔබ ආයෙත් වැට මුරුංගා ඔබේ පවුලේ ආහාරයට අනිවාර්යයෙන් එකතු කරයි.
ලොව බොහෝ රටවල වැට මුරුංගා ශාකය හදුන්වන්නේ Miracle Tree එහෙම නැත්තම් විශ්මිත ශාකය කියලා.
මේකට හේතුව තමයි මම අර කලින් කිව්වා වගේ වැට මුරුංගා පත්‍ර වල අඩංගු වන විශ්මිත පෝෂණය. මේ නිසාම බොහෝ පිරිස් අද වැට මුරුංගා ශාක පත්‍ර capsule ලෙස අමතර ආහාරයක් විදිහට දිනපතා පාවිච්චි කරන්නත් පුරුදු වෙලා තියෙනවා.
අපේ රටෙත් බොහෝ ෆාමසි හා සුපිරි වෙළදසැල් වල අද අපිට මෙම අතිරේක ආහාරය සුලබව දකින්න පුලුවන්.
සමස්ථයක් විදිහටම ගත්තම මුරුංගා අපේ සිරුරට අත්‍යාවශ්‍ය හා අත්‍යාවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල වර්ග, විටමින් වර්ග ( A, B1,B2,B3,C, E) ඛනිජ_ලවණ ( Ca, Mg, K, P, Cu, Zn, Fe) ප්‍රතිඔක්සිකාරක (anti oxidants) වලින් පිරිපුන් ආහාරයක්.
නිතර මුරුංගා ආහාරයට ගැනීමෙන් හෝ අමතර ආහාරයක් විදිහට දෛනිකව ලබා ගැනීමෙන් අපිට ලැබෙන වාසි මොනවද කියලා.
කතුරු මුරුංගා වලින් ලැබෙන වාසි.
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය හා හෘද රෝග සදහා වන අවධානම අඩු කරයි.
- රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරයි.
- ප්‍රතිඔක්සිකාරක (antioxidants ) මගින් පිළිකා අවධානම අඩු කරයි.
- ශරීරයේ ඉදිමුම හා දැවිල්ල පාලනය කරයි.
- ශරීර ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වේ.
- ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනයට කරයි.
- කිරිදෙන මව්වරුන්ගේ කිරි වර්ධනයට උපකාරී වේ.
- රුමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වය පාලනය කරයි.
- හිසකෙස් වර්ධනය කරයි.
- කුරුලෑ පාලනය කරයි.
- සම රැලි වැටීම පාලනය කරයි. (Anti aging)
- ආර්තවහරනයේදි ඇතිවන හෝමෝන අසමතුලිතතා පාලනය කරයි.
- ලිංගික ශක්තිය වර්ධනය කරයි.
ඉතිම් තවදුරටත් වැට මුරුංගා භාවිතය ඔබේ නිවසින් ඈත් කරනවාද ඔබේ ආහාරය සමග එකතු කරගන්නවාද යන්න තීරණය ඔබ සතුයි. මීට අමතරව ඔබ දන්නා දේවල් පහලින් කමෙන්ට් කරන්න.
ඇත්තටම නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. හවස කතුරු මුරුංගා කොල ඇකිලුනාම මැල්ලුම් වලට ගන්න හොඳ නෑ කියන්නෙ ඇත්තද?
විද්‍යාත්මක පසුබිම සොයා බැලිය යුතුයි. සාමාන්‍ය ගැමි සම්ප්‍රදාය තුල එහෙම මතයක් තියනවා සමහර ප්‍රදේශ වල. පෞද්ගලිකව මම නම් ඒක ගැන හිතන්නෙ නෑ.