සහල් වල මෙච්චර දේවල්?
සහල් වර්ග කෙතරම් තිබුනත්, හැමදාම බත් කෑවත් හාල් වල පෝෂණය ගැන කවදාවත් හිතුවද? දැනගෙන හිටියද? එහෙනම් අද දැනගමු.
වෙළඳ පොලේ පවතින විවිධ සහල් වර්ග:
සම්බා
කීරි සම්බා, වීදුරු සම්බා, සුදු කීරි සම්බා යන බොහෝ සම්බා වර්ග මෙලෙස පොලිෂ් කරන ලද සහල් ඝනයට අයත්ය. පොලිෂ් කිරීමේදී මෙහි පැවැති ගුණාත්මක කොටස් පහව යාමක් සිදු වේ.
එහි දී ජීර්ණ ක්‍රියාවලියේ දී ඉතා ඉක්මනින් ග්ලුකෝස් බවට පත්වෙන නිසා දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්ත්වවලට මඟ සලසයි.
සහල් පොලිෂ් කිරීමේදී එහි පවතින තන්තු කොටස් ඉවත් වේ. ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමට මෙම තන්තු ස්වභාවය බොහෝසෙයින් ඉවහල් වේ.
හොඳින් මල බුරුල් කර යාමට ද තන්තු පැවතිම ඉතා ප්‍රයෝජනවත්ය. අප ලබා ගන්නා බත් ප්‍රමාණය එළවළු වලට සාපේක්ෂව වැඩි නිසා ලැබෙන සිනි ප්‍රමාණය ද මේ අනුව වැඩි වේ.
එවිට සිරුරේ රුධිරගත සීනි වැඩිවීමෙන් දියවැඩියා රෝග තත්ත්වයට මුහුණ දීමට පහසුවෙන් හැකිවන නිසා පොලිෂ් කරන ලද සහල්වර්ග ආහාරයට ගැනීමේදී වඩා සැලකිලිමත් වීමට වගබලා ගත යුතුයි.
සම්බා සහල්වල තෙල් ප්‍රමාණය ද වැඩියි. එබැවින් ඒවා තැම්බු විටදී ලැබෙන ගුණය තැම්බූ කැකුළු සහල් තරම් ගුණ නැත.
රතු කැකුළු සහල්
බොහෝ සාමාන්‍ය ජනතාව මෙම සහල් වර්ගවලට යොමු වී ඇති බව පෙනී යන තව කරුණක්. විශේෂයෙන් රතු කැකුළුවල පවතින පිට පොත්තේ කුරුටු සහිත කොටස තු පෝෂ්‍ය පදාර්ත හා තන්තුමය බව හොඳින් ඇත.
නමුත් එය පරිභෝජනයේදී එම පිටපොත්තේ කොටස ඉවත් වී යන්නේ හාල් සෝදන ක්‍රියාවලියට පත් වූ විටයි. හාල් සේදිය යුතුමයි.
නමුත් එසේ කරන විට පිට පොත්තේ පවතින ඉතාමත් ගුණ අධික පෝෂක ඉවත් වීම සුලබ තත්ත්වයකි. නමුත් අප පුරුදු වි ඇති පරිදි රතු සහල්වල කොතරම් පිට කුරුට්ට ගියත් ආහාරයට ගන්නේ එසේ ගුණාත්මක කොටස් පහවූ සහල් ඇටයෙනි.
එම නිසා එවැනි සහල් වර්ග භාවිතාවේදී නිවුඩ්ඩ ගැන සැලකිලිමත් වීම වඩාත් සුදුසුයි.
මන්ද යත් නිවුඩ්ඩ නොමැතිව පරිභෝජනයේ දී ඉක්මනින් ග්ලුකෝස් බවට පත්වීම ඉක්මන් වන නිසා ය.
නිරෝගි ඔබ ඉක්මනින් දියවැඩියා රෝගියකු බවට පත් වීමට ඉඩකඩ වැඩි කිරීම මෙමඟින් සිදු වේ.
වැඩියෙන් පාහින ලද සුදු හා රතු කැකුළු සහල් කොතරම් ගුණයයි සිතා ආහාරයට ගත්තත් ජීර්ණයේදී සිදුවන යම් රෝගවලට තුඩුදිය හැක.
තම්බපු හාල්
තම්බන ලද සහල් වර්ග බොහෝවිට රතු කැකුළු හාල් වර්ග අද වෙළඳපොලේ දක්නට ඇත.
ඒ විතරක් නොව සුදු කැකුළු හා විවිධ සුදු හාල් වර්ග ද තම්බපු ඒවා අපට ලබා ගත හැකියි.
තම්බන ලද සහල් සිරුරට ලබාගත් සැනින්ම දිරවන්නේ නැත. තම්බන ලද හාල් පරිභෝජනය සඳහා රෝගියෙකු නම් දිනකට පීරිසි කෝප්ප 1 පමණ සෑහේ.
හාල් තම්බන විට සිදුවන්නේ හාල් ඇටයේ පිට කුරුට්ටේ පවතින සියලුම පෝෂක කොටස් අභ්‍යන්තර ඇටයට උරා ගැනීමයි.
මෙහි දී කුරුට්ටේ පවතින සියලුම පෝෂ්‍ය පදාර්ථ හාල් ඇටයේ අභ්‍යන්තරයට එකතු වේ. එවිට තම්බපු සහල් ගුණයෙන් ඉහළය.
බොහෝවිට මෙම ඝනයේ හාල් අතරට රතු කැකුළු ප්‍රධාන පෝෂක කොටස් අඩංගු තත්ත්වයට පත් කිරීමට සහල් තැම්බීම ඉවහල් වේ.
බොහෝ සෙයින් මෙම ඉක්මන් ජීර්ණය නිසා ඇතිවිය හැක්කේ දියවැඩියා අවදානමයි.
ඕනෑම සහල් වර්ගයක් තම්බන ලද ඒවා නම් ඒවා ආහාරයට ගැනීමට වඩාත් යෝග්‍යය. ක්ෂුද්‍ර ඛනිජ ලවන, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින් වර්ග, ලිපිඩ ලබාගත හැකි පෝෂක කොටස්ය.
නිසි ශක්තිය ලබා ගැනීමට ජීර්ණය ඉක්මනින් සිදු නොවන තැම්බූ හාල් ආහාරයට ගැනීම සුදුසුයි.
රතු කැකුළු සම්බා:
මෙහි ගුණාත්මක භාවය වැඩි වන්නේ සහල්වල පවතින රතුපාට කුරුට්ට (නිවුඩ්ඩ) නිසා ය.
නමුත් පමණට වඩා සේදීමක් සිදුවුවහොත් එම නිවුඩ්ඩ පහව යා හැකිය.
එවිට එහි පවතින පෝෂ්‍ය පදාර්ථ හීන වී යයි. නමුත් මෙහි පවතින කාබෝහයිඩ්‍රේට් අඩු වන්නේ නැත.
එබැවින් රතු කැකුළු සම්බා ආහාරයට ගැනීමේ දී කුරුට්ට සහිතව නිවුඩ්ඩ මනා ගුණාත්මක බවින් යුතු බව සලකන්න.
සුදු හාල්, දුඹුරු හාල්, රතු කැකුළු, රතු සම්බා කැකුළුවල ජලය, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට්, තන්තු, සීනි, කැලිසියම්, යකඩ අඩංගුය.