April 18, 2024

දූරියන් වියපත්වීම පාලනය කරයි?

0
duriyan
දූරියන් අපේ රටේ හැම ප්රදේශයකම හැදෙන්නෙ නැති උනාට මේ දවස් වල නම් අපේ රටේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම පාරවල් වල දූරියන් දකින්න පුළුවන්.දකින්න කිව්වට දකින්න විතරක්ම නෙමෙයි. ඒ සුවඳ විදින්නත් පුළුවන්. හැබැයි දූරියන් පෙරේතයන්ට, පෙරේතියන්ට ඒක සුවඳක් උනත් සමහරුන්ට නම් ඒක ටිකක් අමාරු අත්දැකීමක්.
Malvaceae කුලයට අයත් පළතුරු විශේෂයක් වන දූරියන් විශේෂ 30ක් පමණ මේ වන විට හදුනාගෙන තියෙනවා. සාමාන්යයෙන් දිග සෙන්ටිමීටර 30ක්, වටප්රමාණය සෙන්ටිමීටර 15ක් වන තෙක් වර්ධනය වීමේ හැකියාව පවතින අතර සාමාන්ය බර කිලෝග්රෑම් 3ක් පමණ වෙනවා. එහි වර්ගය අනුව ගෙඩියේ හැඩය දිගටි ආකරයේ සිට වටකුරු ආකරයටත්, ලෙල්ලෙහි වර්ණය කොළ පැහයේ සිට දුඹුරු පැහැයටත් සහ මදයේ වර්ණය ලා කහ පැහැයේ සිට රතු පැහැයටත් වෙනස් වෙනවා.

හොඳ දූරියන් ගෙඩියක් තෝරාගන්නේ කොහොමද ?

ගසෙන් වැටුණු දූරියන් ගෙඩියක් දින දෙකත් හතරත් අතර කාලයක් ඉදීමට ලක් වන අතර, බොහෝ විට දින පහකට හයකට පසු, පමණ ඉක්මවා ඉදුණු දූරියන් අප්රසන්න තත්වයකට පත් වෙනවා. කල් යනවත් එක්කම දූරියන් නටුවෙහි තෙතමනය අඩු වෙන නිසා දූරියන් ගෙඩියක් මිලදි ගන්න කොට එහි නටුව පරික්ෂා කිරීම වැදගත්. විශාල ඝන නාරටියක් යනු දූරියන් ගෙඩියක නැවුම්බව පිළිබදව සලකුණක්.

ඇයි දූරියන් ගඳ? නෑ නෑ සුවඳ?

දූරියන් වල ethionine නම් රසායනිකය අඩංගු වන අතර දූරියන් ඉදීමත් සමඟ එහි අඩංගු ethionine ප්රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. මෙන්න මේ රසායනිකය නිසා තමයි දූරියන් වලට ආවේනික මෙම සුවඳ/ ගඳ ලැබෙන්නෙ.

අපි දැන් එහෙනම් දූරියන් වල පෝෂණ ගුණාංග ගැන බලමු.

1. ආහාර ජීර්ණය ක්රමවත් කරයි

අධි මාත්ර තන්තු බොහෝ සෙයින් අඩංගු දූරියන් වැනි පළතුරු ආහාරයට ගැනීම ශරීරයේ පද්ධති බොහෝමයකට සෞඛ්යය වාසි ගෙනෙනවා. මෙයින් ප්රධාන ලෙස වාසි ලබා ගන්නා පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි.
දූරියන් මදුළු තුල අන්තර්ගත වන තන්තු මගින් ආහාරයට ගන්නා ආහාර කැබලි බඩවැල් ඔස්සේ ක්රමවත්ව ගමන් කිරීම උත්තේජනය කරන අතර මලපහ පිටවීමට ක්රමවත්ව සිදු කරනවා. මෙම තන්තු මගින් සිදු වන තවත් කාර්යයක් ලෙස ආහාර ජීර්ණය සඳහා අවශ්ය වන එන්සයිම ක්රමවත්ව නියාමනය කිරීම හඳුන්වා දෙන්නට පුළුවන්.
මෙම තත්වය නිසා අනවශ්ය ආකාරයට ඇති වන මලබද්ධය, බඩ පිපීම, ආහාර ගමන් ගන්නා බඩවැල් සිරවීම, පපුව පිච්චෙන ස්වභාවය, උදරයේ මාංශ පේශී පෙරලීම මෙන්ම දරුණු රෝගී තත්වයක් වන බඩවල් තුල ඇතිවන පිළිකා අවධානම පවා දුරු කර ගන්නට පුළුවන්.
මෙම තන්තු මගින් රුධිරයේ තැම්පත්ව ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පවා පහසුවෙන්ම ඉවත් කර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස පාලනය කර හදවත් සෞඛ්යය ආරක්ෂා කර දීමද සිදු කරනවා.
අධි රුධිර පීඩනය පාලනය කරයි
දූරියන් පොටෑසියම් වලින් පොහොසත් වන නිසා ශරීරයේ සෛල තුල ලුණු සහ ද්රව සාන්ද්රණය නිසි පරිදි පවත්වා ගැනීම සිදු කරනවා. දූරියන් ආහාරයට ගැනීම මගින් නිසි පරිදි ශරීරයට පොටෑසියම් ලැබීම මගින් රුධිර නාලිකා ලිහිල් කර ආතතිය දුරලා රුධිර සංසරණ පද්ධතිය සුවදායක කර හෘද්යාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග වලින් අපව ආරක්ෂා කරනු ලබනවා.
දූරියන් ආහාරයට ගැනීම මගින් රුධිර නාලිකා ලිහිල් කර නිසි ලෙස ඔක්සිජන් අඩංගු රුධිරය මොලය කරා ගෙන යාම වේගවත් කිරීම නිසා මතක ශක්තිය මෙන්ම පරිකල්පන ශක්තියද ඉහළ යන බව නවතම අධ්යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

2. වියපත්වීම පාලනය කරයි

වයස් ගත වීම පාලනය කිරීමට භාවිතා කල හැකි ශාකසාරාමය ඖෂධයක් ආකාරයටම දූරියන් භාවිතා කරන්නට පුළුවන්. දූරියන් සතු ප්රභල ප්රතිඔක්සිකාරක බලය මෙන්ම විටමින් සහ ස්වභාවික රසායනික ද්රව්ය නිසා ශරීරයේ විෂ සහිත ද්රව්ය නසා අකලට සම රැළි වැටීම, ලප ඇතිවීම, හිසකෙස් හැලීම, දත් හැලීම, ආතරයිටිස්, පිළිකා, හදවත් රෝග ආදිය නසා වියපත්වීම පාලනය කරීම සිදු කරනවා.

රාත්රී නින්ද නොයෑම පාලනය කරයි

දූරියන් තුල “tryptophan” නමැති ස්වභාවික රසායනික ද්රව්ය අඩංගු වන නිසා නින්ද නොයෑමේ ගැටළු වලට සාර්ථක විසඳුමක් ලැබෙනවා. ආහාර සමග මෙම රසායනික ද්රව්ය ශරීර ගත වීම නිසා මොලයට සැහැල්ලුවක් මෙන්ම සතුටුදායි හැඟීමද වර්ධනය වනවා. මෙම ස්වභාවික රසායනික ද්රව්ය වැඩි වශයෙන් රුධිරයට එක්වීමන් සිදු වන්නේ ශරීරය වඩාත් වෙහෙසට පත්ව නිදිමත ස්වරූපය ලඟා කර දීමයි. මෙය රාත්රී නින්ද නොයෑමේ ගැටළු ඇති පුද්ගලයින් හට සාර්ථක විසඳුමක් වනවා.

පිළිකා නැසීම සිදු කරයි

දූරියන් සතු විටමින්, පෝෂ්ය පදාර්ථ සහ ප්රභල ප්රතිඔක්සිකාරක ලෙස ක්රියාකරන අනෙකුත් ප්රභල ස්වභාවික රසායනික ද්රව්ය පිළිකාවට එරහිව සටන් වදිනවා. සෛලීය පරිවෘත්ත ක්රියාවලියෙන් නිපදවන අතුරු ප්රතිඵලයක් ලෙස නිර්මාණය වන “free radicals” මගින් “DNA” වලට සිදු කරන හානි නිසා සාමාන්ය සෛල පිළිකා සෛල බවට පරිවර්තනය වීම සිදු වනවා. දූරියන් තුල අඩංගු වන ප්රභල ප්රතිඔක්සිකාරක මගින් ඔක්සිකාරක ආතතිය දුරු කර ප්රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කර දූරියන් තුල අඩංගු විටමින් C, සංකිර්ණ විටමින් B, E සහ “phytonutrients” මගින් මෙම ක්රියාවලිය මර්ධනය කර බොහෝමයක් පිළිකා සෛල සමග සටන් කරනවා.

අස්ථි වර්ධනය කිරීම

දූරියන් තුල අඩංගු වන මැග්නීසියම්, පොටෑසියම්, මැන්ගනීස් සහ කොපර් වැනි සංයෝගයන් මගින් අස්ථි සවිමත් කිරීම සඳහා විශාල කාර්යයක් සිදු කරනවා. පොටෑසියම් මගින් අනෙකුත් පෝෂ්ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කරවා ගැනීම වේගවත් කරන අතර ඔස්ටියෝආතරයිටිස් වැනි රෝග මගින් ආරක්ෂාව සලසා දීමද සිදු කරනවා.

රක්තහීනතාවය දුරු කරයි

දූරියන් තුල අන්තර්ගත වන විවිධ වර්ගයේ ඛනිජ සහ ෆෝලික් අම්ලය මගින් මගින් රතු රුධිර සෛල වර්ධනය කරන අතර දූරියන් සතු යකඩ සහ කොපර් වැනි සංයෝගයන් මගින් අජීර්ණ, ඉරුවාරදය, විඩාව සහ බුද්ධිය ක්රමවත්ව ක්රියා නොකිරීම වැනි තත්වයන් ඇති කරන රක්තහීනතාවය දුරු කිරීම සිදු වනවා.
විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ දූරියන් ආහාරයට ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේ යෙදීමෙන් සාර්ථක ප්රථිපල නෙලාගත හැකි වන අතර ශුක්රානු වල ක්රියාකාරිත්වය ඉහළ මට්ටමකට පත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap