March 22, 2024
the prestige movie

The Prestige කියන්නේ 2006 අවුරුද්දේ නිකුත් වුන, තාමත් ගොඩාක් දෙනා අතර ජනප්‍රිය සිනමා පටයක්. IMDB rating වල 8.5+ වගේ වාර්තා කරලා තියෙනවා.

මේක තමයි මම බලපු චිත්‍රපට වලින් වැඩිපුරම වාර ගනනක් බලපු එක. වැඩියෙන්ම බැලුවෙ ඇයි කියලා අහන්න එපා. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

මොකද මේ කතාව පුරාවට තියෙන්නෙ මැජික් ශිල්පීන් දෙදෙනෙක් අතර එකිනෙකා පරයා නොයන සේ ගොඩ නැගුනු කතාවක්.

ඇත්තටම මේක මම 4 වතාවක් බැලුවා. 3 වෙනි පාර බලද්දි තමා හොඳටම කතාව තේරෙන්න ගත්තෙ.

The Prestige චිත්‍රපටය බොලිවුඩයේ ජනප්‍රියම සිනමා අධ්‍යක්ෂ්ක Christopher Nolan වසින් නිර්මාණය කරපු එකක්. Hugh Jackman, Christian Bale ප්‍රධාන මැජික් ශිල්පීන්ගේ චරිත රගපාන අතරම, Rebecca Hall සහ Scarlett Johansson ප්‍රධාන කාන්තා චරිත වලට පණ පොවනවා. මේ නළු නිලියන්ගේ නම් වලින්ම පේනවා නේද මේකේ තරම.

ගොඩාක් දක්ෂ මැජික් ශිල්පීන් දෙන්නෙක්, එකට වැඩ කරනවා. මේ දෙන්නාම එක සසමාන දක්ෂ බව දෙන්නාම තේරුම් ගන්නවා.

එක දවසක සිදුවන ඛේදජනක සිද්ධියක් නිසා, මේ දෙන්නා ලොකුම හතුරන් බවට පත්වෙන්නේ නොදැනුවත්වම.

දෙන්නා දෙන්නාටම වඩා හොද ලොකු පුදුම සහගත මැජික් කරන්න දරණ උත්සාහයක් තමයි මේ කතාවට තේමාව වෙන්නේ.

තමාගේ සියළුම දේවල් කැප කිරීමට මේ දෙන්නාම මොහොතක්වත් පසුබට වෙන්නේ නෑ. ඒ නිසාම, කරන කැපකිරීම් මේ කතාවේ පුදුම විදියට පෙන්වනවා.

ගොඩාක් කල්පනාවෙන් බැලිය යුතු චිත්‍රපටියක් මේක. අපි නොහිතන දේවල් ගොඩාක්, අපිට නොදැනුවත්වම පෙන්වනවා. කියනවා. රස විදින්න. මේක ලස්සනම ලස්සන කතාවක්.

මේ කතාව හොඳටම තේරුම් ගත්තේ මම  zoom.lk එකෙන්. නිලූෂ හේමාල් අලහකෝන් අයියා තමයි සිංහල සබ් හදලා තියෙන්නෙ. පහලින් ලින්ක් එකට ගිහින් සිංහල සබ් එක බා ගන්න.

අනිවාර්‍යෙන් මේක හොයාගෙන බලන්න. බැලුවට ආයෙ පාරක් බලයි ඔයා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap