April 17, 2024

කොලෙස්ටරෝල් ගැන හරියට දැනගමු

0
what is cholesterol

කොලෙස්ටරෝල් නම ඇසූ පමනින් බොහෝ දෙනා හිතන්නෙ එය 100%ම අපිට අහිතකර දෙයක් විදිහටයි. ඒ වගේම තෙල් මොනවාත් කන්න එපා. තෙල් හොද නැති උනාට පිටි අවුලක් නෑනේ වගේ කොලෙස්ටරෝල සමග බැදුන කතන්දර ගොඩක් අපි අතර තියෙනවවා. ඉතින් මේ සියල්ලේම ඇත්ත නැත්ත දැනගන්න මේ ලිපිය වැදගත් වෙයි.

මොනවද මේ කොලෙස්ටරෝල්-Cholesterol ?

කොලෙස්ටරෝල් කියලා කියන්නෙ මේද වර්ගයක්. මෙම මේද වර්ගය අපි ලබා ගන්නා සත්ත්වමය ආහාර කිරි, මස්, මාලු, බිත්තර වැනි ආහාර වලින් අපේ සිරුරට ලැබෙනවා. ඒ වගේම අපේ සිරුර තුලදී අලුතෙන් කොලෙස්ටරෝල නිපදවීමත් සිදුවෙනවා.

ඒ කියන්නෙ ශාකමය ආහාර වල කොලෙස්ටරෝල් නැද්ද?

නැහැ. ශාකමය ආහාර හා ශාක තෙල් (පොල් තෙල්, පාම් තෙල් වැනි නොයෙකුත් ශාකමය තෙල් වර්ග) වල Cholesterol අන්තර්ගත වෙන්නෙ නැහැ. නමුත් ඇතැම් තෙල් වර්ග වල අඩංගු කොලෙස්ටරෝල නොවන සංගටක හේතුවෙන් අපේ සිරුර තුල කොලෙස්ටරෝල් නිපදවීම වැඩි වෙන්වා.

හොඳ Cholesterol ? නරක Cholesterol ??

ඔව්. අපි පොදුවේ කොලෙස්ටරෝල් කියලා හැදින්වුවට Cholesterol වර්ග ගණනාවක් තියෙනවා. HDL, LDL, VLDL ඒ අතරින් කිහිපක්.

අපේ රුධිරගත Cholesterol ප්‍රමාණ පරීක්ෂා කිරීමෙන් ලැබෙන වා‍ර්තාවක් ඔබ නිරීක්ෂණය කරලා තියෙනවා නම් මේ යෙදුම් ඔබට බොහෝ හුරුපුරුදු ඇති.

මෙහිදී අපේ සිරුරට වඩාත්ම අහිතකර, කොලෙස්ටරෝල වර්ගය එහෙමත් නැත්තම් නරක Cholesterol වර්ගය වනුයේ LDL Cholesterol වර්ගයයි.

ඒ වගේම අපේ සිරුරට හිතකර, රෝග අවධානම අඩු කරන හොද කොලෙස්ටරෝල් ලෙස අප හදුන්වන්නේ HDL Cholesterol වර්ගයයි.

මං මුලිනුත් කිව්වා වගේම Cholesterol හැමවිටම නරක නැහැ. එය අපේ සිරුරට අත්‍යාවශ්‍ය සංඝටකයක්. අපේ සෛල හා පටක නිර්මාණය කිරීමට වගේම, ඇතැම් හෝමෝන සහ පිත නිපදවීමට Cholesterol අපේ සිරුරට අත්‍යාවශ්‍යයි.

එහෙනම් ඇයි කොලෙස්ටරෝල් නරක??

හේතුව මේකයි. මේ කොලෙස්ටරෝල් වර්ග අතුරින් LDL Cholesterol තමයි භයානක.

මොකද මේවාගේ ඝණත්වය අඩු නිසා අපේ රුධිර නාලිකා (ධමනි) තුල තැන්පත් වීමෙන් එම නාලිකා පටු කිරීම සිදු වෙනවා.

මේ නිසා එම නාලිකා තුල රුධිර පීඩනය ඉහළ යනවා. අපි high blood pressure කියලා හදුනවන්නේ මේ රෝගි තත්ත්වයයි. හැබයි මීට අමතරව High blood pressure සඳහා තවත් හේතු බලපාන්න පුළුවන්.

අනිත් කාරණය තමයි මෙම LDL Cholesterol ධමනි තුල තැන්පත් වී ඒවා අවහිර කරමින් (block) කරමින් රුධිර ගමනාගමනය අවහිර කරනවා.

මේක බොහොම භයානක තත්ත්වයක්. මොකද අපේ හෘදයට රුධිරය සපයන නාලයක මේ අවහිර වීම සිදුවුවහිත් හෘදයාබාධ තත්ත්වයන් ඇතිවෙනවා.

ඒ වගේම අපේ මොළයට රුධිරය සපයන නාලයක මේ අවහිර තත්ත්වය ඇති වුවහොත් අපි එය ආඝාතය එහෙමත් නැත්තම් stroke ලෙස හදුන්වනවා.

මේ නිසා අංශභාගය මෙන්ම මරණයද ඇතිවිය හැකියි.

ඉතින් මෙම භයානක රෝගි තත්ත්වයෙන් මිදීමට ඔබ කුමක්ද කළ යුත්තේ ???

නිවරැදි ආහාර පුරුදු හා ජීවන රටාව තුලින් ඔබට කොලෙස්ටරෝල් වලින් සම්පූර්ණයෙන්ම මිදෙන්න පුළුවන්.

රෝගය උත්සන්න වී දීර්ඝකාලීනව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවනවාට වඩා ඔබේම ආහාර රටාවේ හා ජීවන රටාවේ සුළු වෙනස්කම් කිහිපයකින් කොලෙස්ටරෝල් මාරයාගෙන් මිදෙන්න ඔබට දැන් තේරෙනවා ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap