කිරි බොනවා නම් බොන කිරි ගැන හරියටම දැනගෙන බොන්න


මොනවද මේ කිරි?
කිරි යනු හුදෙක් සුදු පැහැති ද්‍රවයක් ලෙස ශබ්ද්කෝෂය මගින් අර්ථ දක්වයි. එහි ප්‍රෝටීන, මේද, ලැක්ටෝස්සහ විවිධ විටමින් හා ඛනිජ ලවණ අඩංගු දරු උපතකින් පසු සියලුම ගැහැනු වැඩිහිටි ක්ෂීරපායින්ගේ ග්‍රන්ථි මගින් නිපදවන ඔවුන්ගේ පැටවුන් සඳහා ආහාර ලෙස ක්‍රියා කරන ද්‍රවයකි.
මිනිස් පරිභෝජනය සඳහා ලබාගනුයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් හොඳින් පෝෂණය වූ සතුන්ගෙන් ලැබෙන විශේෂිත කිරි වේ. එනම් රෝග ආසාදනය වූ හෝ පශුවෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින සතුන්ගෙන් ලබා ගන්නා කිරි මිනිස් පරිභෝජනයට නොගෙන බැහැර කරයි.
එලෙස ලබාගත් නැවුම් කිරි සියලුම ආහාර ක්‍රියාවලි සිදුවන අතරතුරදී හා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව වනතෙක් 4°C උෂ්ණත්වයක පැවතිය යුතුය. මෙහි අඩංගු වන පෝෂ්‍ය පදාර්ථ වල පවතින සමතුලිතතාවය නිසා මේවා ඉහළ පෝෂණ අගයකින් සමන්විත වේ.
කෙසේ වෙතත් සත්ව විශේෂය හා ඔවුන්ගේ අභිජනනය මතත් එසේම එකම විශේෂයේ වුවත් ඔවුන් කිරි ලබා දෙන කාලය හා ඔවුන්ට ලබාදෙන ආහාර වේල මතත් එක් වර්ගයකින් තවත් කිරි වර්ගයක් වෙනස් වේ. පොදුවේ සැලකූ විට, එළකිරි හා එළුකිරි සසඳන විට, එළුකිරි වල ලැක්ටෝස්, මේද හා ප්‍රෝටීන අන්තර්ගතය සාපේක්ෂව අඩු වුවත්, එම වර්ග දෙකෙහි ඛනිජ අන්තර්ගතය බොහෝ දුරට සමාන වේ.
කිරි වල සංයුතිය
මෙහි පෙනුම සැලකීමේදී එය ඉතාමත් සරල ලෙස පෙනුනද, එයට සංකීර්ණ සංයුතියක් පවතියි. එම සංයුතිය ප්‍රමාණාත්මකව සැලකීමේදී සංඝටක 4ක් ප්‍රමුඛව පවතියි. ඒවානම් ජලය, කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන හා මේදය වේ. මීට අමතරව තවත් සංඝටක කිහිපයක් සුළු වශයෙන් පවතියි. ඒවානම් ඛනිජ, විටමින්, එන්සයිම හා ද්‍රාවිත වායුන් වේ.
ජලය
ජලය යනු සියලුම සතුන්ට වඩාත් ඉහළ ප්‍රමාණයකින් අවශ්‍ය පෝෂකයකි. කිරි වල ජලය ප්‍රතිශතයක් ලෙස 88.6% අඩංගු වේ.
කාබෝහයිඩ්‍රේට
මෙහි ඇති ප්‍රධාන කාබෝහයිඩ්‍රේටය ලැක්ටෝස් වේ. ලැක්ටෝස් යනු සීනි වර්ගයක් වුවද එයට පැණි රසයක් නොමැත. කිරි ග්‍රෑම් 100ක ලැක්ටෝස් ග්‍රෑම් 4.5 – 5.2ක ප්‍රමාණයක් පවතී. ලැක්ටෝස් කිරි පැසවීමෙන් ලබා දෙන යෝගට්, චීස් වැනි නිෂ්පාධන නිපදවීම සඳහා දායක වෙයි. මෙම පැසවීමේ ක්‍රියවලියේදී ලැක්ටික් අම්ල බැක්ටිරියවන් විසින් නිපදවන ලැක්ටික් අම්ල ප්‍රමාණය, ලැක්ටික් අම්ල බැක්ටිරියවන්ගේ ක්‍රියාකාරිත්වය මත පමණක් නොව, සිදු කරන නිෂ්පාධන ක්‍රියාවලියේ පරාමිතීන් හා ලැක්ටෝස් බැක්ටිරියා ප්‍ර්‍රමාණය මතද රදා පවතී
ප්‍රෝටීන්
කිරි වල ඇති ප්‍රෝටීන් ඉතා ගුණාත්මක බවින් යුතු වේ. එහි සියලුම අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අපගේ සිරුරෙන් නිපදවිය නොහැකි ද්‍රව්‍ය පවා අඩංගු වේ. ප්‍රෝටීන යනු සියලුම ජීව පටක ගොඩනගන පෝෂක කොටස් වේ. මෙම ප්‍රෝටීන වලින් 95%ක් crude protein වන අතර අනෙක් 5% නිදහස් ඇමයිනෝ අම්ල, කුඩා පෙප්ටයිඩ සහ ප්‍රෝටීන් නොවන නයිට්‍රජන් වේ.
මේදය
මෙහි ඇති ප්‍රධාන ශක්ති ප්‍රභවය මේද වේ. මෙහි පවතින ලිපිඩ හෙවත් මේද අන්තර්ගතය සරල ලිපිඩ වන ට්‍රයිග්ලිසරයිඩ වලිනුත් සංකීර්ණ ලිපිඩ වන පොස්පොලිපිඩ වලිනුත් සමන්විත වෙයි. එළකිරි හා එළුකිරි මානව පරිවෘත්තිය සඳහා අවශ්‍ය පරිදි බහුඅසංතෘප්ත මේද අම්ල ප්‍රමාණය අඩුවෙන් පවතී. එළුකිරි වල මේද ප්‍රමාණය එළකිරි වලට වඩා තරමක් වැඩිය. මේදය ග්‍රෑම් 1ක් මගින් කිලෝකැලරි 9ක (9kcal) ශක්ති අවශ්‍යතාවයක් සපුරාලිය හැකිවේ. මේදය දේහ පටක ගොඩනැගීමේදී ව්ශාල කාර්‍යභාරයක් ඉටු කරයි. එමෙන්ම මේදය මගින් ශරීරයට අවශ්‍ය විටමින් A සහ D වැනි විටමින් සපයයි. බොහෝ විට සත්ව මේදය පරිභෝජනයේ අවාසි පිළිබඳ සැලකීමට සමාජය නැඹුරු වෙයි. නමුත් විශේෂඥයන් පෙන්වා දෙනුයේ සෞඛ්‍ය අවදානම් තත්ත්වයන් ඇතිවනුයේ අධිපරිභෝජනය නිසාවෙන් බැවිනි.
විටමින්
කිරි වල මේද ද්‍රාව්‍ය A, D සහ E යන විටමින අඩංගු වේ. විටමින් A පෙනීමට වැදගත් වේ. එසේම සම පැහැපත් වීමටත් නිරෝගීව පවත්වා ගැනීමටත් දායක වෙයි. විටමින් A ඌන වීම නිසා රාත්‍රී අන්ධතාවය, ඇසේ බ්‍රිටෝ ලප ඇතිවීම, සම වියළීම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය. විටමින් D අස්ථි වලට කැල්සියම් බැද ගැනීමටත් අස්ථි වර්ධනයටත් දායක වෙයි. විටමින් D ඌන වීම නිසා රිකට්සියාව වැනි අස්ථි විකෘති වීම් තත්ත්වයන් හටගනියි. විටමින් E සිරුරේ සෛල හා පටක වර්ධනයට අවශ්‍ය වෙයි. ඇස්කෝබික් අම්ලය හෙවත් විටමින් C නැවුම් කිරි වල සුළු වශයෙන් පැවතියත් ඒවා වාතය හා ගැටුනු විට හා පැස්ටරීකරණය කිරීමෙන් ඒවා විනාශ වී යයි.
ඛනිජ ලවණ
එසේම මේවායේ විටමින් වලට අමතරව කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් හා සෝඩියම් වල පොස්පේට්, නයිට්‍රේට් හා ක්ලෝරයිඩ් ලෙසින් ද්‍රාවිත ලවණ වර්ග පවතී.
ද්‍රාවිත වායු
මෙහි දියවුණු වායුන් ලෙස ප්‍රධාන වශයෙන් කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන් හා ඔක්සිජන් ද අන්තර්ගත වේ.
මෙහිදී නැවුම් කිරි පමණක් නොව ඒවා යොදාගෙන නිපදවන වඩාත් නව්‍ය නිෂ්පාදනයන් නිතරම වෙළෙඳපොළට නිකුත් වේ. එලෙසම ඒවායේ ගුණාත්මකභාවය ද ඉහළ නිසා මෙම නිෂ්පාදන සඳහා පාරිභෝගිකයන් අපේක්ෂා කරන ඉල්ලුම රදවා ගැනීමට මෙතෙක් හැකි වී තිබේ.
Chankey Meedum