Predestination – කාලය සමග සරදම

Predestination චිත්‍රපටය මා නැරඹූ චිත්‍රපට අතරින් මනස කළඹපු චිත්‍රපටයක් වීම නිසාය. අදටත් සමහර තැන් තේරුම් ගන්න අපහසුයි.
ඒ නිසාම ජීවිත කාලේ බලපු හොඳම චිත්‍රපට මොනවද ඇහුවොත් මට කියන්න තියන එකක් තමයි මේක.
කතාව ආරම්භ වන්නේ Temporal Bureau නමින් හැඳින්වෙන සංවිධානයේ නියෝජිතයෙකු ටයිම්බෝම්බයක් අක්‍රිය කිරීමට දැඩි ලෙස උත්සාහ කරන දර්ශනයකිනි.
නමුත් අවසාන මොහොතේ, පුපුරණ ද්‍රව්‍ය ඇටවූ පුද්ගලයා ඔහු සමඟ සටනක නිරත වන අතර නියෝජිතයා යන්තම් බෝම්බය විසුරුවා හැරීමට සමත් වනුයේ බෝම්බය ඔහුගේ මුහුණට පිපිරවීමට පෙරයි.
ඔහු වයලීන් පෙට්ටියක් දරා සිටී, එහි පසෙක ලොකරයේ අංක කිහිපයක් දමා ඔහු අතුරුදහන් වේ.
ඇත්තෙන්ම Predestination කාල තරණයක් ගැන කියවෙන විද්‍යා ප්‍රබන්ධයක්.
කෙටිම හැඳින්වීමක් ලෙස මෙහෙම කියන්න පුළුවන්.
මිනිසුන් දහස් ගනනක් ඝාතනය කිරීමට යන නාඳුනන අපරාදකරුවකු නවත්වාලීමට යන නියෝජිත වරයාගේ අවසන් කාල තරණය කිරීමේ අවස්තාව.
IMDB Ratings 7.4 අගයක් ගන්න මෙම චිත්‍රපටය Ethan Hawke හා Sarah Snook ප්‍රධාන චරිත රඟපානවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Michael Spierig, Peter Spierig විසින් වන අතර Box office: $5.4 million ආදායමක් වාර්තා වෙනවා.
මේ චිත්‍රපටය නැරඹිය යුතුම එකක් කියලා මම නිර්දේශ කරනවා.
සිංහල සබ් නම් මට හොඳ එකක් හම්බුනේ නෑ. English එකක් හොයන් බලන්න.
මේ වගේ තව කුතුහලය දනවන තව චිත්‍රපට බලන්න මෙතනින්.