April 6, 2024

කොන්ඩම් ගැන ඉගෙන ගමු

2
කොන්ඩම්

කොන්ඩම් බෝහෝමයක් දෙනා බොහෝ ලැජ්ජාවෙන් හැංගි හැංගි කතා කරන දෙයක්. හැබැයි ඒ අපේ වගේ නොදියුණු මානසිකත්වයකින් පෙළෙන මිනිස්සු ඉන්න රටවල් වල විතරයි.

මොකද හැගීම් දැනීම් සහිත මිනිස්සු ජීවත් වෙන සමාජයක ඇතිවන් බොහෝ සමාජ ගැටලු වලට පිළියමක් ලෙස හදුන්වා දී ඇති උපත් පාලන ක්‍රම පිළිබදව දැනුවත් වීම අත්‍යාවශ්‍ය දෙයක්.

නමුත් අපේ රටේ තත්ත්වය  වෙනස්. හරි ඒ කොහොම උනත් අද අපේ මාතෘකාව විවිධ උපත් පාලන ක්‍රම අතරේ වැඩි දෙනෙක් බහුලව භාවිතා කරන කොන්ඩම් පිළිබදව යි.

ඇත්තටම කිව්වොත් මෙක ප්‍රශ්නෝත්තර කට්ටලයක් වගේ.

කොන්ඩමයකින් භාවිතයෙන් කොහොමද ගැබ්ගැනීම සහ ලිංගාශ්‍රිත රෝග වලින් වැලකෙන්නෙ?

ගැබ් ගැනීමක් සිදු වීමට නම් ශුක්‍රාණු කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුලුවිය යුතුය. එසේම ඩිම්බකෝෂ වලින් නිකුත් කරන ඩිම්බය සංසේචනය වියයුතුය.

එසේම ලිංගාශ්‍රිත රෝග බෝ විමට නම්, බෝවන රෝග ඇති අයෙකුගේ ශාරීරික තරල වෙනත් කෙනෙකුගේ ශ්ලේෂ්මල පටල සමඟ සම්බන්ධ විය යුතුය.

කොන්ඩමය මගින් ඔය කියන දෙකටම ආරක්ශාව ලැබෙනවා. ඒ කිව්වෙ ඕක දා ගත්තම ලිංගික සබඳතාවයකදී යෝනිය තුලට ශුක්‍රාණු ඇතුලු වන්නෙ නෑ වගේම අර වගේ රෝගියෙක් නම් එයාගෙ ශාරීරික තරල සම්ප්‍රේශනය වන්නෙත් නෑ.

කොහොමද ගැලපෙනම කොන්ඩම් එක තෝරගන්නෙ?

සයිස් එක

කොන්ඩම් වල එහෙම සයිස් එකක් නෑ. ෆ්‍රී සයිස් තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයාගෙ පුරුෂ ලිංගය කොයි තරම් ලොකු උනත් පොඩි උනත් ෆ්‍රී සයිස් එකක් ඔයාට ගැලපෙනවා.

කොන්ඩම් වර්ග

අද වෙළදපොලේ විවිධ වෙළද නාම යටතේ විවිධ වර්ග වල කොන්ඩම් තියෙනවා.

ඒ අතරින් අපේ අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙනම එක මිලදී ගන්න අපි දැනගන්න ඕනි.

එහෙම නැත්තම් වැඩේ උනාට ෆිට් නෑ මල්ලි තමයි.

හරි එහෙනම් මොනවද කොන්ඩම් වර්ග?

සාමාන්‍ය කොන්ඩම්

ස්වාභාවිකව ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති සාමාන්‍ය කොන්ඩම් උපත් පාලනයට වගේම ලිංගිකව සම්ප්‍රේශනය වන ඇතැම් රෝග වලක්වා ගැනීමට යොදාගන්න පුළුවන්.

ස්ටැමීනා කොන්ඩම් වල බෙන්සොකේන් අඩංගු වෙනවා. මේ නිසා ටිකක් වැඩි කාලයක් අල්ලගෙන් ඉන්න නම් ඔයාට ගැලපෙන්නෙ ස්‍ටැමීනා එකක්.

stamina condom

හොට් කොන්ඩම් සහ කූල් කොන්ඩම්

තරමක් රස්නෙ ගතියක ෆීලීං එකක් ගන්න නම් හොට් කොන්ඩමුත් සිසිල් බවක් අත් විදින්න නම් කූලිං කොන්ඩමුත් ඔයාගෙ අවශ්‍යතාවය අනුව තියෙනවා.

ඒ වගේම තරමක වැඩි ආශ්වාදයක් ලබා ගැනීමට නම් සුපර් සහ රෆ් රයිඩර් කොන්ඩම් යොදා ගන්න පුළුවන්.

මොකද මේවගෙ ටිකක් රළු පෘෂ්ටයක් තියෙන්නෙ වැඩි ආශ්වාදයක් ලබා දීමට.

ඒ වගේම මුඛ සංසර්ගයේ යෙදෙන අය වෙනුවෙන් විවිධ රස සහ සුවදින් යුතු කොන්ඩම් වර්ග අපේ වෙළදපොලේ තියෙනවා.

ඔයාග කැමැත්ත අනුව ඒක යොදාගන්න පුළුවන්. දැන් අහන්න එපා මුඛ සංසර්ඝය කියන්නෙ මොකද්ද කියලා.

එක්ස්පයර් ඩේට් තියෙනවද?

ඔව්.අපි අනෙක් බොහෝ බඩු මිලදී ගන්නකොට කල් ඉකුත් වීමේ දිනයක් බලනවා වගේම කොන්ඩමයක් මිලදී ගන්නකොටත් කල් ඉකුත් වීමේ දිනය බැලීම අනිවායයි.

මොකද කල් ඉකුත් වූ ඒවා ඉක්මනින් කැඩී යාමේ අවධානමක් සහිත නිසා.

එහෙම එකක් ගත්තොත් ඉතිං කියන්න තියෙන්නෙ බඩුම තමා කියලා මල්ලි.

අරන් දාගන්නෙ පර්ස් එකට නේද?

හපොයි ඔන්න අපේ අයියලා / අක්කලා බොහෝ දෙනාගෙ තවත් වැරදි පුරුද්දක් තමයි මිලදී ගත්ත එක පර්ස් එකට හරි හෑන්ඩ්  බෑග් එකට ඔබාගන්න එක.

පර්ස් එක කියන්නේ ඕක දාන්න ආරක්ෂාව අතින් අඩුම තැනක්. කොන්ඩම් එකට ආරක්ෂාව නෑ කියන්නේ, ඕක එක දාලා කරන වැඩේටත් ඕකෙන් ආරක්ෂාවක් නැහැයි කියන එක තමයි.

ඒ කියන්නේ කොන්ඩම් එක හරි ආරක්ෂාවක් නැතුව තියෙනවා කියන්නේ ඉරෙන්න බලනවා. එතකොට දාපු එකෙනුත් වැඩක් නෑ.

ඒ නිසා එක පාර කොන්ඩම් ගොඩක් මිලදී ගන් නැතුව අවශ්‍ය වෙලාවට මිලදී ගන්න එක තමයි හොදම.

එහෙම නැත්තම් නිවසේ කොහෝ හෝ ආරක්ෂාකාරීව සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න. (පොඩි අයට අහුවෙන්න තියන්න එපා, එයාලා ඒක පුම්බයි)

හරි එහෙනම් ගත්ත වගේම මේක දාගන්නෙ කොහොමද ?

කොන්ඩමයට හානි නොවන ලෙස ප්‍රවේශමෙන් කවරයෙන් පිටතට ගන්න. (දත් දෙකට අල්ලලා කවරය කඩද්දි බලාගෙන)

මෙන්න මේ විදිටයට තියෙන්න ඕනි හරිනම් එලියට ගත්තම

right way to unpack a condom

ශිශ්නය සම්පූර්ණයෙන් ප්‍රානවත් වී ඇති විට කොන්ඩම කෙලවර එක් අතකින් අල්ලගෙන, අනෙක් අතින් රෝල් කර ඇති කොටස සෙමෙන් ශිශ්නය දිගේ පහලට ආවරනය කරගෙන යන්න.

මෙන්න මෙහෙම.

view of condom

ඔක්කොමත් හරි කොන්ඩමය පාවිච්චි කරා වගේම වැඩේ ඉවරවෙලා නිසි පරිදි බැහැර කරන්න. කොමඩ් එකට දාලා ෆ්ලශ් කරලා ඒවා අස්සේ හිරවෙලා තව ප්‍රශ්න නොදාගෙන වෙන විදියක් ගැන හිතලා බලන්න.

ගැහැනු අයටත් කොන්ඩම්

කොන්ඩම් එකක් කිව්වාම සිහියට එන්නෙ ඒක පලඳින්නෙ පිරිමි කෙනෙක් කියලනෙ. ඔව් ඒක ඇත්ත ඒත් ගැහැනු අයටත් කොන්ඩම් තියනවා කියලා අහලා තියනවද?

මේවා හඳුන්වන්නේ Internal condoms කියලා.

මේවා බහුලව නොදකින්න හේතුව, මේවා භාවිතා කරන්න තියන බිය නිසා අලෙවි නොවීම.

අන්තර්ජාලයේ පීරන විටද දැනගන්න ලැබුනේ මේ ටිකම තමයි.

හැබැයි අන්තර්ජාලයේ සඳහන් කර ඇති පරිදි (they’re actually super straightforward to use) ඇත්තවශයෙන්ම මේවා භාවිතා කිරීම ඉතා ලේසි.

මේ internal Condoms වල දෙපස ring දෙකක් තියනවා. එක් පසෙක කුඩා සංවෘ ත ring එකක් තියනවා, අනෙක් පස විවෘ ත ලොකු ring එකක් තියනවා.

කලින් කියපු කුඩා ring එක පැත්ත යෝනි මාර්ගය ඇතුලටද අනෙක් ලොකු ring එක යොනියෙන් පිටත්ටද පිහිටන විදියට මෙය පලඳින්න ඕනි. රූපයේ දැක්වෙන්නේ පලඳින ආකාරයයි.

සරල සිංහලෙන් මේ වගේ තවත් දේවල් කියවන්න මෙතනින්.

2 thoughts on “කොන්ඩම් ගැන ඉගෙන ගමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap