ගෙදරදිම රෙඩ් වෙල්වට් කේක් හදමු.

රෙඩ් වෙල්වට් කේක් නිවඩුව ගෙදර ඉන්න වෙලවක ලෙසියෙන්ම හදා ගෙන රස විඳින්න පුලුවන් කේක් රෙසිපියක්. ඔබට රිසි සේ පාට සුවඳ රස එක්ක කප් කේක් එකක් ලෙසද සාදා ගත හැකිය. අවශ්‍ය දෑ පහත් දක්වා ඇත. නිවාඩුව ඉන්න ගමන් හදලා අපිටත් රස කියන්න.
රෙඩ් වෙල්වට් කේක් එක සදහා අවශ්‍ය දේවල් :-
- සීනි 125g
- පාන් පිටි 120g
- මාගරින් 125g
- බිත්තර 2
- බටර් මිල්ක් 50ml
- චොකලට් පවුඩර් තේ හැදි 1 1/2
- බේකින් පවුඩර් තේ හැදි 1/2
- බේකින් සෝඩා තේ හැදි 1/2
- වැනිලා තේ හැදි 1
- ලුනු චුට්ටක්
- රතු පාට කලරින් චුට්ටක්
සාදන ආකාරය : –
1. පාන් පිටි වලට චොකලට් පවුඩර් , බේකින් පවුඩර් , බේකින් සෝඩා දමා දෙවරක් හලාගන්න .
2. දැන් සීනි හා බටර් හොදින් බීට් කර ගන්න. සීනි දිය වූ පසු බිත්තර එක බැගින් දමමින් බීට් කරන්න.
3.දැන් හලා ගත් පිටි මිශ්‍රනය එකතු කරන්න. එයටම බටර් මිල්ක් සහ කලරින් එකතු කර නැවත බීට් කරන්න.වැනිලා හා ලුනු එකතු කර හොදින් කලවම් කරන්න.
4. අංශක 180 ට Oven එක හීට් වෙන්න දමා කප් කේක් ට්‍රේ එකට කප් කේක් ඇසුරුම් දමා ගන්න.
5. පයිපින් බෑග් එකකට මිශ්‍රණේ පුරවා කප් කේක් ට්‍රේ එකේ ඇති කප් වලට අවශ්‍ය ප්‍රමාණය දමා ගන්න.
6. අවන් එක 180 උශ්නත්වයෙන් විනාඩි 25ක් බේක් කරගන්න…
7. එයට අයිසින් මිශ්‍රණය පුරවා කැමති ආකාරයට පයිපින් කර ලස්සන කර ගන්න.
තව රෙසිපි බලන්න.