April 18, 2024

ඔබේ කිරිකැටියා ඇතිවෙන්න කිරි බොනවා කියලා දැනගන්නෙ මෙහෙමයි

1
breastfeeding to baby

මව්කිරි, මෙලොව ඇති එකම පරිපූර්ණ ආහාරයයි. මොකද එහි දරුවාගේ වර්ධනයට, පෝෂණයට අත්‍යාවශ්‍ය සියලුම සංඝටක හා ජලය අවශ්‍ය ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. හැබැයි ඒ දරුවාට මාස 6ක් සම්පූර්ණ වන තුරු පමණයි. ඉන් පසුව මව්කිරි සමගම වෙනත් ආහාර ලබා දීම ආරම්භ කළ යුතුයි. ඉතින්

කැදැල්ලට ආ ඔබේ කිරිකැටියා ඇතිවෙන්නෙ මව්කිරි බොනවද?

කාන්තාවක් දරුවෙක් පිළිබදව සිහින දකින්න පටන් ගන්නෙ කවද ඉදන්ද කියලා අපිට හරියටම කියන්න බැ. සමහරවිට විවාහයෙන් පස්සෙ, එහෙම නැත්තම් පෙම්වතියක් කාලයේදී එහෙමවත් නැත්තම් ඊටත් කලින් වෙන්නත් පුළුවන්.

ඉතින් ඒ විදිහට සිහින දැකලා සතුටින් දුක් විදලා ඔබේ කිරිකැටියාව දෝතට අරන් ඔබේ නිවසට ආ දින වල ඔබ ගෙවන්නේ බොහොම තීරණාත්මක කාලයක්.

මොකද කායිකව වගේම මානසිකවත් වෙනස්කම් බොහෝමයක් ඇතිවන ආරක්ෂාව පරිස්සම , අස්වැසිල්ල මේ සියල්ල ඔබට අත්‍යාවශ්‍ය කාලයක්.

ඉතින් මේ කාලෙදි ඔබ බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටලුවක් තමයි ඔබේ කිරි ටික ඔබේ දරුවාට ඇත්ද කියන කාරණාව.

මොකද මේ හා සම්බන්ධ මිත්‍යා මත බොහෝමයකුත් අපේ සමාජෙ තියෙනවා. ඉතින් හරි වරැද්ද තෝරගෙන හරියටම දරුවාව පෝෂණය කිරීම ඔබේ වගකීමක්.

දරු ප්‍රසූතියත් සමගම මව්කිරි ඔබේ සිරුරේ නිපදවීම ජීව විද්‍යාතමක ක්‍රියාවලියක්. මේ කිරි නිපදවෙන්නෙ ඔබේ දරුවා වෙනුවෙන්මයි.

ඒ ඔබේ දරුවාට ප්‍රමාණවත් ලෙසයි. දරුවාගේ පෝෂනයට වගේම ආරක්ෂාවට අත්‍යාවශ්‍ය සියල්ල දරුවාට මාස 6ක් සම්පූර්ණ වෙන තුරු මව්කිරි වල අඩංගු වෙනවා.

ඒ නිසා වතුර, කොත්තමල්ලි, රත කල්කය, පළතුරු යුෂ ආදී කිසිවක්ම මාස 6ක් සපිරෙන තුරු මව්කිරි “හරියට”බොන ඔබේ දරුවාට අවශ්‍ය නැහැ.
මම මෙතනදි “හරියට” මව්කිරි බොන දරුවෙක් ලෙස හැදින්වූයේ ඔබේ සිරුරේ කිරි නිපදවුවත් ඔබ නිවරැදිව දරුවාට කිරි දුන්නෙ නැත්තම් වගේම දරුවා හරියට කිරි බිව්වෙ නැත්තම් ඒක ප්‍රශ්නයක්.

ඉතින් දරුවා ඇතිවෙන්න කිරි බොනවා කියලා දැනගන්නෙ මෙහෙමයි…

මුලින්ම ඔබේ සිගිත්තා බඩගින්න්නෙන් ඉන්නෙ කියලා දැනගන්නෙ මෙහෙමයි.
සිගිත්තාට බඩගිනි වෙලාවට බොහෝ විට අත් කටට දාගන්න හදනවා.

baby crying

ඒ වගේම අත් උරන්න ගන්නවා.

කට අරිමින් හිස දෙපැත්තට සොලවනවා.

මේ වගේ ලක්ෂන දරුවා පෙන්නුම් කරද්දි මව්කිරි ලබා දෙන්න ඕනි. එහෙම නැතුව බඩගිනි වෙලා අඩනකම් ඉන්න එපා.

ඔබේ දරුවා එයාට ප්‍රමාණවත් ලෙස මව්කිරි බොනවා නම්,

සාමාන්‍යයෙන් දිනකට වාර 8-12 අතර ප්‍රමාණයක් කිරි බොනවා.

කිරි බොනවිට රිද්මයානුකූලව කිරි උරාබොන අතර රිද්මයානුකූලව ඒ හඩ අහන්නත් පුළුවන්.

ඒ වගේම දිනකට වාර 6-8ක් පමණ මූත්‍රා පිටවීමක්

දිනකට වාර 3-4ක් මළපහ පිටවීමක් සිදුවෙනවා.

සාමාන්‍යයෙන් ඉපදී පළමු දින 3න් පසු තේ හැන්දක හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් මළ පිටවීම සිදු වෙනවා. ඒ වගේම ඒවා ඉතාම මෘදු වන අතර ළා කහ පැහැයෙන් යුක්තයි.

දිනකට 15-30g ප්‍රමාණයකින් බර වැඩි වෙනවා.

ඒ වගේම ඉපදී දින 10ක් ගත වීමේදී දරුවාගේ බර උපත් බර මෙන් දෙගුණයක් පමණ වෙනවා.

ඉතින් මේ ලක්ෂණ වලින් ඔබට පුළුවන් ඔබේ දරුවා හරියට මව්කිරි බොනවද කියලා පහසුවෙන් අදුරගන්න.

අපේ රටේ අම්මලා තාමත් මව්කිරි දරුවන්ට ලබා දෙන රටවල් වල ප්‍රමුඛත්වයක් ගන්නවා. හැබැයි බොහෝ බටහිර රටවල වගේම අනවශ්‍ය විදිහට බටහිර දේවල් වැළදගන්න දගලන සමහර අම්මලා දරුවාට මව්කිරි නොදීමට පෙළඹෙන අවස්ථාත් නැතුවම නෙමෙයි.

ඒ විදිහට කරන්න ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඔවුන්ගේ පියයුරු වල හැඩය ගැන මිත්‍යා මත පසුපස යාමයි.

1 thought on “ඔබේ කිරිකැටියා ඇතිවෙන්න කිරි බොනවා කියලා දැනගන්නෙ මෙහෙමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap