Masturbation – හැංගි හැංගි රස හොයන ස්වයං වින්දනය
හැංගි හැංගි රස හොයන ස්වයං වින්දනයේ හොද නරක මෙන්ම ඇත්ත නැත්ත
ස්වයං වින්දනය එහෙමත් නැත්තම් masturbation යනු පුද්ගලික ආස්වාදයක්, වින්දනයක් ලබා ගැනීම පිණිස තමන් විසින්ම ලිංගික අවයව උත්තේජනය කර ගැනීමේ ක්‍රියාවලියක්. අද සමාජයේ ඉස්සරට වඩා ලිංගිකත්වය පිළිබඳව කතිකාවත් වලට ඉඩ වෙන් උනත් තවමත් මේ පිළිබඳව ස්වයවින්දන්දනය පිළිබඳව විවෘතභාවය බොහොම අඩුයි. කාන්තා පිරිමි, වයස් බේදයකින් තොරව බොහෝ දෙනා මේ කෙරෙහි පෙළඹුනත් මේ පිළිබඳව නිසි අවබෝධය, ගුණ දොස් මෙන්ම මිත්‍යා මත කෙරෙහි පවතින දැනුම අපේ සමාජයේ ඉතාම අවමයි.
මෙමගින් සුරාන්තයට පත් වීම හො නොවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවත් නීරෝගීමත්ව ලිංගිකව පරිණත වීමටත් ස්වයංවින්දනය Masturbation ඉවහල් වෙනවා.
පර්යේෂන වලට අනුව වයස අවුරුදු 14-17 අතර පසුවන්න පිරිමින්ගෙන් 74% සහ කානතාවන්ගෙන් 48% පමණත්, වයස අවුරුදු 57-64 අතර වැඩිහිටි පිරිමින්ගෙන් 63% සහ කාන්තාවන් 32% පමණ තම තමන්ට ආවේනික වූ විවිධ සීමා දක්වා ස්වයංවින්දනයේ නිරත වෙනවා. එය සාමාන්‍ය ස්පර්ශයක සිට සුරාන්තයට පත්වීම දක්වාම සිදුවන්න පුළුවන්.
මෙම ලිපි මාලාව තුලින් ඔබට ස්වයං වින්දනය සම්බන්ධ ඇති අතුරු ආබාධ, සෞඛයමට වාසි මෙන්ම මේ කෙරෙහි පවතින මිත්‍යාමත පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
මුලින්ම අපි මෙහි වාසි පිළිබඳව බලමු.
කාන්තා, පිරිමි දෙපාර්ශවයටම ස්වයං වින්දනය තුලින් බොහෝ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යමය වාසි අත්විදින්න පුළුවන්.
මානසික ආතතිය අඩු කිරීම හා ආතතියෙන් නිදහස් වීම, නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, මනස සැහැල්ලු කර ගැනීමට මෙන්ම ඔසප් වේදනාවන් අවම කිරීම හා ලිංගිකව එක්වීමක් සදහා උත්තේජනයක් ලබා ගැනීම මේ අතර විශේෂයි. මීට අමතරව ආශාවන් සහ අවශ්‍යතා හදුනා ගැනීමටත්, ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලින් මිදීමටත් අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමටත් ස්වයං වින්දනය උපකාරී වෙනවා.
ඒ වගේම ලිංගික ඇසුරකින් මිදීමට අවශ්‍ය පුද්ගලයන්ට මෙන්ම ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක් නොමැතිව තනිව සිටින පුද්ගලයන්ටත් ස්වයං වින්දනය වැදගත් වෙනවා.
මීට අමතරව වියපත් වීම සමග කාන්තාවන්ගේ යෝණියේ ඇතිවන වියළි බව මගහරවා ගැනීමටත්, ලිංගිකව එක්වීමකදී ඇතිවන වේදනාව අවම කර ගැනීමටත් ස්වයං වින්දනය වැදගත් වෙනවා.
අතුරු ආබාධ
ස්වයං වින්දනය හානිකර දෙයක් නොවුනත් ඇතැමුන් මෙහි නියෙලන ආකාරය අනුව ඇතැම් විට ස්වයං වින්දනයෙන් පසු ලිංගාශ්‍රිතව සුළු වගෙයෙන් රතු වීම්, ඉදමීම මෙන්ම සුළු වශයෙන් තුවාල වීම දකින්න පුළුවන්. නමුත් දින කිහිපයකින් මේ තත්ත්වයන් මග හැරෙනවා.
ඒ වගේම නිතර නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ගේ ශිෂ්ණය ඉදීමීමක් දක්නට ලැබුනත් දින කිහිපයකින් එම තත්ත්වයත් සාමාන්‍ය අතට හැරෙනවා.
මීට අමතරව ස්වයං වින්දනයේ යෙදෙන ඇතැම් පුද්ගලයන්ට මානසික තෘප්තිමත් භාවය සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙන්නත් පුළුවන්. ස්වයං වින්දනයේ යෙදීම දුරාචාරයේ යෙදීම හෝ වෙනත් වරදකාරී දෙයක් නොවූනත් ස්වයංවින්දනය තම ආගමික, අධ්‍යාත්මික හෝ සංස්කෘතික විශ්වාසයන් සමඟ ගැටෙන බවට කනස්සල්ලට පත්වීම මගින් මෙම තත්ත්වයන් ඇතිවිය හැකියි.
ඒ වගේම දැඩි ඇබ්බැහි වීමකින් නිතර නිතර ස්වයං වින්දනයේ යෙදීම තුලින් ලිංගික සංවේදිතාවය අඩු වෙන්නත් පුළුවන්. විශේෂයෙනම පිරිමි පුද්ගලයන් තම ශීෂ්ණයට දැඩි පීඩනයක් යොදමින් දීර්ඝකාලීනව ස්වයං වින්දනයේ යෙදීම මගින් ඔවුන්ගේ සංවේදිතාවය අඩු වෙන්න පුළුවන්.
මේ සදහා විසදුමක් ලෙස ස්වයං වින්දනයන් සදහා කෘතීම කම්පන් යන්ත්‍ර (vibrators) භාවිත කිරීම දක්වන්න පුළුවන්. මෙවැනි උපකරණ භාවිතා කරන කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය මෙන්ම ලිංගාශ්‍රිත ලිහිසි භාවය වැඩි අතර, මෙවැනි උපකරණ භාවිතා කරන පිරිමින්ගේ සෘජු භාවය වැඩි බවත් පර්යේෂකයන් පෙන්වා දෙනවා.
ඒ වගේම ස්වයං වින්දනය කෙරෙහි දැඩිව ඇබ්බැහි වීම තුලින් එදිනෙදා කටයුතු මගහැරීම අධ්‍යාපනය අඩාල වීම රැකියාවේ අතපසුවීම් මෙන්ම වගකීම මගහැරීම් වැනි තත්ත්වයන් ඇතිවන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් වලදී counsiler කෙනෙකුගේ සහය ඔබට අවශ්‍යයි.
ඒ වගේම ස්වයං වින්දනය හා සම්බන්ධ බොහෝ මිත්‍යා විශ්වාස සමාජයේ පවතිනවා. මේ ඒ අතරින් කිහිපයක් වන අතර ඒවායේ කිසිදු සත්යබවක් විද්‍යාත්මකව ඔප්පු වී නැහැ.
ස්වයං වින්දනයේ යෙදීම තුලින් අක්ෂි ආබාද ඇතිවීම, ලිංගික බෙලහීනතාවයට පත්වීම, ශුක්‍රාණු අවම වීම මේ මිත්‍යා මත අතරින් කිහිපයක්.
3 thoughts on “Masturbation – හැංගි හැංගි රස හොයන ස්වයං වින්දනය”