April 18, 2024
පරිප්පු ගැන

පරිප්පු ගැන කතා කරද්දී, අපේ රටේ පරිප්පු වගා නොකෙරුනාට අපේ රටේ දේකටත් වැඩිය අපේ ජීවිතත් එක්ක බොහෝ ලෙංගතු ආහාරයක් තමයි පරිප්පු. ‘ හැමදාම පරිප්පු ද?’ කියලා අහන අය හිටියත් පරිප්පු කෑවෙ නැත්තම් බඩ පිරෙන්නැති අයත් අපි අතරෙ ඉන්නවා. හැමදාම පරිප්පු ගැන නොදැන කතා කලාට වඩා දැනගෙන පරිප්පු කන්න මේ ලිපිය ඔබට වැදගත් වෙයි.පරිප්පු 100g ක ශක්තිය කැලරි 352ක් වගේම ප්‍රෝටීන 24. 63g අඩංගු වෙනවා. එය සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 44% පමණ වෙනවා.

1. දියවැඩියාව පාලනයට උපකාරී වේ

මයිසූර් පරිප්පු වල සෑළකිය යුතු ප්‍රමාණයකින් තන්තු අඩංගු වෙනවා. මේ නිසා පරිප්පු low GI food හෙවත් අඩු ග්ලයිසමික් අගයක් සහිත ආහාරයක් ලෙසයි හදුන්වන්නේ. ඒ නිසා අපි මේවා ආහාරයට ගැනීමෙන් පසු රුධිරයට ග්ලූකෝස් උරාගන්නා වේගය අඩු වෙනවා. මේ නිසා දියවැඩියාව පාලනයට ලේසියෙන්ම යොදා ගන්න පුළුවන් ආහාරයක් විදිහට පරිප්පු හදුන්වන්න පුළුවන්.

2. කොලෙස්ටරෝල් පාලනයට.

පරිප්පු ශාකමය ආහාරයක් නිසා කොහොමත් එය 100%ක්ම කොලෙස්ටරෝල් රහිත ආහාරයක්.

ඒ වගේම ඉහත සදහන් කලා වගේම මෙහි අඩංගු අධික තන්තු ප්‍රමාණය නිසා කොලෙස්ටරෝල් රුධිරයට එකතු වීම පාලනය කරනවා.

ඒ වගේම රුධිරයේ අඩංගු කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනයටත් දායක වෙනවා.

හැබැයි එහෙමයි කියලා යහමින් තෙල් දමා තෙම්පරාදු කරලා හෝ අධික ලෙස පොල් කිරි යොදා පරිප්පු කෑවොත් නම් වෙන්නෙ මේකේ අනිත් පැත්ත.

3. බර අඩු කරගන්න

විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශ්වය සිරුරේ බර ගැන සෑහෙන්න සැලකිලිමත්.

මහත වැඩි, බර වැඩි කියමින් අකමැත්තෙන් වුවත් ආහාර පාලනය කරන්න බොහෝ අය පෙළබෙනවා. ඔන්න ඒ අයට පරිප්පු වඩාත් සුදුසු ආහාරයක්.

මේකට හේතුව වෙන්නෙත් මෙහි අධික ලෙස තන්තු අඩංගු වීමත් අඩංගු මේද ප්‍රමාණය ඉතාමත් අවම වීමයි.

4. පරිප්පු කෑම වයසට යාම පාලනය කරයි

පරිප්පු වල අධික ලෙස ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. මේ ප්‍රතිඔක්සිකාරක වලට පුළුවන් අපේ සමේ සෛල වලට වෙන හානිය අවම කරන්න.

5. දත් සහ අස්ථි වල පෝෂණයට පරිප්පු

මේවායේ වල අඩංගු වන කැල්සියම් හා මැග්නීසියම් දත් සහ අස්ථි වල වර්ධනයට හා පැවැත්මට උපකාරී වෙනවා. හැබැයි ප්‍රමාණවත් තරම් ආහාරයට එකතු කරගන්න ඕනි.

6. ඇස් පෙනීමටත් පරිප්පු

ඇස් පෙනීම සඳහා ඉවහල් වන විටමින් A පරිප්පු වල අන්තර්ගත වෙනවා. මීට අමතරව විටමින් C, සහ විටමින් E ද පරිප්පු වල අඩංගුයි.

7. රූපලාවන්‍යට

පරිප්පු පෝෂණ ගුණාංග වලට අමතරව රූපලාවන්‍ය කටයුතු සඳහාත් පරිප්පු යොදා ගන්නවා. මයිසූර් ෆේස් මාස්ක් සහ ස්ක්‍රබ් මේ අතර විශේෂයි. මෙමගින් මුහුණේ සම රැළි වැටිම, අවපැහැවීම සහ අදුරු ලප ඉවත් වෙනවා.

කන පරිප්පුවක් දැනගෙන කන්න දැන් ඔබට අවස්ථාව !

මේ වගේ තවත් වටිනා කරුනු කියවන්න මෙතනින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap