March 11, 2024

WhatsApp Two-Step Verification එකේ වැදගත්කම

0
impotence of two step verification

වර්තමානයේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Phone එක නැති උනොත් හරි phone එක වැටිලා කුඩු වෙලා ගියොත් හරි ඒකෙ තියෙන data ටික ආපහු අර ගන්නෙ කොහොමද කියන එක. තව දෙයක් බොහෝ දෙනා ඇඳුම් මාරු කරනවා වගේ සිම්පත් මාරු කරනවා. එහෙම නැත්නම් නැති කර ගන්නවා.

වර්තමානයේ බොහෝ දෙනා, ලංකා විතරක් නෙමෙයි මුළු ලෝකයෙන්ම WhatsApp කියන මැසෙන්ජර් සේවාව භාවිතා කරනවා. මෙන්න මේ ඉහත කී හේතූන් නිසාම WhatsApp පරිශීලකයන් සඳහා WhatsApp සේවාව සමග එන Two-step verification option එකේ වැදගත්කම ගැන කතා කරන්න.

බැරිවෙලාවත් ඔයාගේ sim එක වෙන කෙනෙක් අතට පත් උනොත් එයාට පුලුවන් ලේසියෙන්ම ඔයාගේ සිම් එකට වට්ස් ඇප් account එකක් හදලා ඔයාගෙ chat backup උනත් download කරගන්න.

මෙන්න මේ ප්‍රශ්නෙදි අපිට වැදගත් වෙනවා whatsApp two step verification option එක.

මේ option එකෙන් ඔයාගෙ WhatsApp Account එකට pin number එකක් හරි, එහෙම නැත්තන් ඔයාගෙ email address එකක් හරහා ඔයා වෙන device එකකින් නැවත WhatsApp එකට එකතු වෙනවනම් මේ pin number එක හරි email address එක හරි භාවිතා කරලා WhatsApp Account එක restore කරගන්න පුලුවන්.

තේරුනේ නෑ වගේද? කෙටියෙන්ම කිව්වොත්, මේ හින්ද ඔයාගෙ සිම් එක වෙන කෙනෙක් අතට ගියත් ඒ කෙනාට ඔයාගෙ නම්බර් එකට WhatsApp Account එකක් හදා ගන්න බෑ. මොකද ඔයා කලින් අර setup කරපු pin number එකයි email address එකයි එයාට ඒ අවස්ථාවේ නැති වෙන හින්දා.

අන්න ඒ නිසා ඔයා WhatsApp භාවිතා කරනවා නම් මේ two-step verification option එක setup කරලා නැත්නම් දැන්ම setup කර ගන්න ගන්න.

දැන් අපි බලමු මේ option එක ඔයාගෙ WhatsApp account එකට Add කරගන්නේ කොහොමද කියලා.‌‌

බැරිවෙලාවත් pin number එක අමතක උනොත් ඔයාට email address එක හරහා හරි account එක restore කරගන්න පුලුවන්, ඒ වගේම තව දෙයක් ඔයාට මේ pin number එක අමතක උනොත් ඔයාට ඔය email address එක එකට email එකක් යවලා එකෙන් two step verification option එක disable කරගන්න පුලුවන්.

ඔය pin එක ලියාගන්න බරිඋනයි කියමුකෝ. හැබැයි සතියකට සැරයක් ඔයාට මේ pin එක නැවත ගහන්න වෙනවා. මොකද WhatsApp වලින් එක එහෙම හදල තියෙන්නේ ඔය පින් එක අමතක වෙන එකට පිලියමක් විදියට. (ඕනිම දෙයක් ඕනිම කෙනෙක්ට මතක තියෙන්නේ සතියයි කියල කියනවනේහ් )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap