April 14, 2024

පරිප්පු වලින් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද?

0
පරිප්පු

හැමදාම කන පරිප්පු වලින් අලුත් වැඩක් ගන්න මෙන්න හොඳ චාන්ස් එකක්. ඕනෑම ගෙදරකින් මයිසූර් පරිප්පු මිටක් හොයා ගන්න එක හරිම simple දෙයක්. ඒ වගේම තවත් ගෙදරම තියෙන ingredients කිහිපයක් යොදාගෙන ෆේස් මාස්ක් එකක් පහසුවෙන්ම හදාගෙන් සම පැහැපත් කරගන්න විදිහ තමයි මේ කියලා දෙන්න යන්නේ. හරි අපි එහෙනම් බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

මයිසූර් පරිප්පු මිටක්
සීනී මේස හැදි 2ක්
බේබි සබන් ස්වල්පයක

සාදන ක්‍රමය:

මුලින්ම පරිප්පු මිටක් අරගෙන වතුර ස්වල්පය බැගින් යොදමින් ගලක හොදින් අඹරා ගන්න. හොඳට ඇඹරිලා පේස්ට් එකක් ගානට එද්දි මේකට සීනි ටිකත් එකතු කරලා නැවත හොදින් අඹරා ගන්න. ඊට පස්සෙ මේ හදා ගත්ත පේස්ට් එකට බේබි සබන් ස්වල්පයකුත් එකතු කරන්න. දැන් අපේ මාස්ක් එක ready.

දැන් අපි බලමු මේ මාස්ක් එක apply කරගන්නෙ කොහොමද කියලා.
මුලින්ම මුහුණ සහ ගෙල ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගෙන තෙත මාත්තු කරගන්න. ඊට පස්සෙ අපි කලින් හදාගත්ත dhal mask එක මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරගන්න. ඊට පස්සෙ මිනිත්තු 20ක් පමණ තබා සෙමින් සෝදා ඉවත් කරගන්න.

ක්ෂ්ණිකවම ඔබට ඔබේ මුහුණේ පැහැපත් වෙනසක් දකින්න පුළුවන්. ඒ වගේම සති දෙකකට වරක් වත් මේ mask එක දානවා නම් හොදයි.

Submit your review
1
2
3
4
5
Submit
     
Cancel

Create your own review

Smart Derana
Average rating:  
 0 reviews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copy link
Powered by Social Snap